එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ මෙම ආයෝජන පිළිබඳව හෙළි නොකිරීම නිසා මේ වනවිට සැකයන් මතුවන බවයි.
මේ නිසා, මෙම අරමුදල්වල ආයෝජනවල විනවිද භාවය තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටින බව හෙතෙම කොළඹදී සඳහන් කළේය.
සේවක අර්ථ සාධක අරමුදල විසින් දැවැන්ත පාඩු ලබන ගලධාරී හෝටලයේ කොටස් මිලදී ගැනීම පිළිබඳව මේ වනවිට දැඩි විවේචනයක් එල්ල වී තිබේ.
පසුගිය ජුනි කාර්තුවේදී Galadari Hotels (Lanka) PLC සමාගම රුපියල් මිලියන 323.1 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙන අතර මෙම අලාභයට විශාල වශයෙන් හේතුවී තිබෙන්නේ විදේශ මුදල් ණය මගින් ලැබෙන විදේශ විනිමය පාඩුව ඉහළ යාමයි.
ජුනි කාර්තුවේදී හෝටලය රුපියල් මිලියන 384.3 ක අදායමක් උපයාගෙන තිබෙන බව කොළඹ කොටස් වෙළඳ පොළට යවා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.
මේ අනුව, ජුනි කාර්තුවේදී සමාගම රුපියල් 1.77 ක කොටසකට අදාළ පාඩුවක් වාර්තා කර තිබෙන අතර මේ වසරේ මුල් මාස හය තුළදී ලබා තිබෙන කොටසකට අදාළ අලාභය රුපියල් 5.41 කි.
ගිණුම් අනාවරණය කර තිබෙන පරිදි මේ වසරේ මුල් අර්ධයේදී සමාගම විසින් රුපියල් මිලියන 986.1 ක දැවැන්ත අලාභයක් වාර්තා කර ඇත.
ජුනි කාර්තුවේ දළ ලාභය රුපියල් මිලියන 326.5 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ගිය වසරේ අදාළ කාර්තුවේදී එය රුපියල් මිලියන 206.8 කි.
මේ අතර, 2012 මුල් මාස හය තුළදී දළ ලාභය රුපියල් මිලියන 691.5 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ ගිය වසරේ අදාළ කාලයේදී රුපියල් මිලියන 513.1 ක මට්ටමක සිටයි.
කෙසේවෙතත්, ජුනි කාර්තුවේදී සමාගම සිය විදේශ මුදල් ණය වලින් රුපියල් මිලියන 330.9 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර ගිය වසරේ අදාළ කාර්තුවේදී විදේශ මුදල් ණය වලින් සමාගම රුපියල් මිලියන 46.7 ක ලාභයක් වාර්තා කිරීමට සමත් විය.
මේ වසරේ මුල් මාස හය තුළදී විදේශ මුදල් ණය වලින් ගලධාරී සමාගම වාර්තා කර තිබෙන අලාභය රුපියල් බිලියන 1.1 ක් තරම් ඉහළ බව හෙළිවේ.
මේ අතර, සමාගමේ ණය ප්රමාණය ජුනි කාර්තුව වනවිට රුපියල් බිලියන 7.4 ක් දක්වා වර්ධනය වී ඇති අතර ගිය වසරේ ජුනි කාර්තුවේදී සමස්ත ණය ප්රමාණය රුපියල් බිලියන 6.0 ක මට්ටමක තිබී ඇත.
හෝටලයේ දෙවැනියට විශාලතම කොටස් කරුවා වන සේවක අර්ථ සාධක අරමුදලට එහි කොටස් වලින් සියයට 13 ක් හිමිය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=317175496