මෙම ගනුදෙනුව දූෂිත එකක් බව මුල් වරට හෙළිකළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර් හර්ෂ ද සිල්වා පැවසුවේ මෙම ගනුදෙනුවට කණ්ඩායමක් සම්බන්ධ වී සිටින බවත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට වඩා ප්‍රබල අයද ඔවුන් අතර සිටින බවයි.
මේ නිසා, ඔවුන්ට එරෙහිවද නඩු පැවරිය යුතු බවත් එක් අයෙකුට පමණක් නඩු පැවරුවේ ඇයිද කියාත් හෙතෙම ප්‍රශ්න කරයි.
මේ අතර, සේවක අර්ථ සාධක අරමුදලේ කොටස් ගනුදෙනු සම්බන්ධ වංචාව මීට වඩා විශාල බව මන්ත්‍රීවරයා කීය.
සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පත් මුදල් පාඩු ලබන හා අස්‌ථාවර පෞද්ගලික සමාගම්වල කොටස් මිලදී ගැනීමට යෙදවීම සාපරාධී වරදක් හැටියට සලකා ඊට වගකිවයුතු අයට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වීමට නීතිපතිට නියෝග කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති සංවිධාන 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මෙම 31 වැනිදාට කල් තැබිණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1392258176