කල්පිටියේ රජයට අයත් දූපත් අටක් සංචාරක හෝටල් ඇතුළු සංචාරක ආයෝජන කටයුතු වෙනුවෙන් 99 අවුරුදු බදු පදනම මත යොදා ගැනීමට අවස්ථාව තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ආයෝජකයින් දැනුවත් කරමින් පවසයි.
මේ පිළිබඳව සඳහන් කරමින් සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පුවත් පත් දැන්වීම් පළකර තිබෙන අතර සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විපුල වණිගසේකර “විමසුම“ ට පැවසුවේ සංචාරක ව්‍යාපෘති සඳහා යොදාගත හැකි ඉඩම් පිළිබඳව ආයෝජකයින් දැනුවත් කිරීමට මෙම දැන්වීම පලකළ බවයි.
මීට අමතරව, අධිකාරිය පවසා තිබෙන්නේ සංචාරක ව්‍යාපෘති සඳහා යොදාගත හැකි අක්කර 510 ක පමණ ඉඩම් කුච්චවේලි ප්‍රදේශයේ තිබෙන බවයි.
එසේම, මඩකළපුවේ පාසිකුඩා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් අක්කර 56 ක් ඉදිරිපත් කර තිබෙන බවත් බෙන්තරට ආසන්න දෙද්දූව ඔය ආශ්‍රිතව පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘති වෙනුවෙන් අක්කර 1318.4 ක වගුරු බිම් හා අක්කර 415.7 ක ජලාශ ආයෝජකයින් වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන්ය.
මෙම පරිසර හිතකාමී ව්‍යාපෘතිය තුළ පාවෙන අවන්හල්, සංචාරක නිවාස, ජල ක්‍රීඩා, සංචාරක බෝට්ටු සේවා ඇතුළු සංචාරක පහසුකම් ගොඩනැගීමට යෝජනා කර තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය පවසා තිබෙන්නේ ලැබෙන ව්‍යාපෘති වලින් තෝරා ගන්නා ව්‍යාපෘති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2101542138