මේ සඳහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර කොරියානු රජයෙන් ලබාදේ. මේ අනුව ඩෙල්ෆ්, නයිනතිව් හෙවත් නාගදීපය, අනලතිව් සහ එළිවතිව් යන දූපත් හතරේ වෙසෙන පවුල් 2967ක් වෙනුවෙන් පුනර්ජනනීය විදුලියේ හිමිකම පිරිනැමේ.
අද වනවිට මෙම දූපත් හතරේ අවම විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ ඩීසල් විදුලි ජනක යන්ත්‍ර මගිනි. එමගින් ඩෙල්ෆ් දූපත් වෙසෙන පවුල් 1331 කින්, පවුල් 293 කට (22% පමණ මේ වනවිට විදුලිය හිමිවේ. නාගදීපයේ වෙසෙන පවුල් 874 කින්, පවුල් 481 කට (55% පමණක් ඩීසල් ජනන යන්ත්‍ර මගින් උත්පාදිත විදුලිය ලබාගත හැකිය.
එසේම, එළිවතිව් දූපතේ වෙසෙන පවුල් 177 කින් මේ වනවිට විදුලිය පහසුකම් ලබා ඇත්තේ පවුල් 80ක් (45% පමණ වන අතර අනලතිව් දූපතේ වෙසෙන පවුල් 585ක් අතරින් පවුල් 164 කට (28% මේ වනවිට ඩීසල් ජනන විදුලිය පහසුකම් සැපයේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2065854451