සමාගම සිය ලාභාංශ සීමාවන් පුළුල් කර ඇති අතර ඉහළ අගයකින් ප්‍රාග්ධන ස්ථාවරත්වයක් පවත්වාගෙන යැමට සමත්ව ඇත. 2010 වර්ෂයේ සියයට 6.67 හා 2011 වසරේ සියයට 6.25 ක් වූ පසුගිය වර්ෂවල ලාභාංශ අගයන්ට සාපේක්ෂව 2012 වර්ෂයේදී සියයට 9.25 ක් තරම් ඉහළ අගයකට පත් වීමට හැකියාව ලැබී ඇත. රක්ෂණය යනු දීර්ඝකාලීන ව්‍යාපාරයක් වන අතර එහි නාමික කොටස් වටිනාකම ව්‍යාපාරයෙහි කොටස්කරුවන් හට ව්‍යාපාරයේ තිරසරභාවය පිණිස වන ස්ථාවරත්වය හා කැපවීම පිළිබඳ ශක්තිමත් සලකුණක් බව මෙහිදී අදහස් දැක් වූ කළමනාකාර අධ්යක්ෂ ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා පැවසීය.
පසුගිය ජුනි 30 වැනිදායින් අවසන් වූ පළමු මාස 6 තුළ බදු ගෙවීමෙන් පසු ලාභය වන්නේ රුපියල් මිලියන 164 කි. රුපියල් බිලියන 13 සිට රුපියල් බිලියන 14 දක්වා වර්ධනය වූ පූර්ණ වත්කම හේතුවෙන් සමාගමට සිය ශුද්ධ ප්‍රකාශිත අධිලාභය රුපියල් බිලියන 3.8 ක් වන සේ සියයට 14 ක වර්ධන අනුපාතිකයක් වාර්තා කිරීමටත් සමත් විය.
"ජනශක්ති ඉතා හොඳ මට්ටමේ ප්‍රගතියක් මේ වන විට පෙන්වා ඇති අතර සමාගමේ නිෂ්පාදිතයන් (විවිධාකාරයේ රක්ෂණ ඔප්පු) හා සේවාවන් ඒකාබද්ධ කරමින් සිය වටිනා පාරිභෝගිකයින්ට පෙර පැවැතියාටත් වඩා ආකර්ෂණීය සේවාවක් ලබා දේ. හිමිකම් ගෙවීම් සඳහා මේ වනවිට අප ඉහළ වටිනාකමක් ගෙවා ඇති අතර පාරිභෝගික අවශ්‍යතාවයන් වෙනුවෙන් අපගේ ඇති කැපවීම මෙයින් පෙන්නුම් කෙරේ. ජනශක්ති අනෙකුත් රක්ෂණ සමාගම් අතර වැඩිම බදු ගෙවීමෙන් පසු ලාභයක් පෙන්නුම් කර ඇති සමාගම ලෙසින් දැක්වීමේ හැකියාවද ඇත. මෙය සමාගම පසුගිය වසරේ ප්‍රගතිය හා සමව තබා ගැනීමේ සාර්ථක ප්රයත්නයක ප්‍රතිඵල ලෙසින් දැක්විය හැකි වන්නේ පසුගිය වසරේදී ද මෙසේ වසර මැදදී ඉහළ බදු ගෙවීමේ පසු ලාභයක් සමාගම පෙන්වා ඇති බැවිනි "යනුවෙන් මූල්‍ය හා සැලසුම් සාමාන්‍යාධිකාරී බර්ටල් පින්ටෝ ජයවර්ධන මහතා තම අදහස් දක්වමින් පැවසීය.
"සිය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා ඇති මූල්‍ය අගය වැනි අට ගුණයක තත්ත්වයක් දරනා ජනශක්ති නිරන්තරයෙන්ම යහපත් නාමික මූල්‍ය ව්යqහයක් පෙන්නුම් කරනවා. ඕනෑම ලැයිස්තුගත කළ රක්ෂණ සමාගමක් හා බලන කල වැඩිම ප්‍රකාශිත කොටස් ප්රාග්ධනය අප සතුයි. රක්ෂණය යනු දීර්ඝ කාලීන ව්‍යාපාරයක් වන අතර එහි නාමික කොටස් වටිනාකම ව්‍යාපාරයෙහි හවුල්කරුවන් හට ව්‍යාපාරයේ තිරසරභාවය පිණිස වන ස්ථාවරත්වය හා කැපවීම පිළිබඳ ශක්තිමත් සලකුණක් වේ "සයනුවෙන් කළමනාකාර අධ්යක්ෂ ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා පැවසීය.
http://www.divaina.com/2012/09/07/velanda03.html