ජනශක්ති රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ප්‍රකාශ් ෂාµaටර් සහ යුනියන් බැංකුවේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් අමරසූරිය යන මහත්වරු විසින් පසුගියදා අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
යුනියන් බැංකුව සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ලැබීම සැබවින්ම සතුටට කරුණක් බව ජනශක්ති රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ප්‍රකාශ් ෂාµaටර් මහතා පැවසූවේය. ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන බැංකුවක් වන යුනියන් බැංකුව සමග එක්ව කටයුතු කිරීම තුළින් ආයතන දෙකේම පාරිභෝගිකයන්ට රක්ෂණ හා මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවන බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
යුනියන් බැංකුවේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් අමරසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ එකම වහලක් යටදී මූල්‍ය සේවා රැසක් සමගින් ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් ලබාදෙන ස්ථානයක් බවට තම බැංකුව පත්කර ඇති බවයි. පසුගියදා තම බැංකුවේ ප්‍රධාන කාර්යාලය නව ගොඩනැඟිල්ලකට රැගෙන ගිය අතර නව කාර්යාලය මගින් තම සේවා වඩාත් පුළුල්ව ක්‍රියාත්මක කිරීමට හැකි වන බව ඒ මහතා පෙන්වා දුන්නේය. සුළු සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට නිසි මූල්‍ය සේවා සලසන බැංකුවක් වන යුනියන් බැංකුව අඛණ්ඩව සිය පාරිභෝගිකයන් තෘප්තියට පත්කරන සේවා සපයන අතර නව ගිවිසුම මගින් එය තවත් පුළුල් වනු ඇතැයි අනිල් අමරසූරිය මහතා තවදුරටත් පැවසූවේය.
මෙරට ප්රමුඛ රක්ෂණ සමාගමක් වන ජනශක්ති සමාගම, රක්ෂණ ආවරණ රැසක් හඳුන්වා දී ඇති අතර ජනශක්ති µqල් ඔµaෂන්, විහිකල් ඉමර්ජන්සි පොලිසි, ජනශක්ති අන්ලිමිටඩ් සහ හෝටල් හිමියන් සඳහා ඒකාබද්ධ රක්ෂණය එම රක්ෂණ ආවරණවලින් කිහිපයකි.
http://www.divaina.com