ප්‍රධාන කාර්යසාධන දර්ශකයන්ට අනුව සළකා බැලෙන කාල පරිච්ඡේදය සඳහා බදු වලින් පසු ලාභය පසුගිය වසරේ උපයන ලද රුපියල් මිලියන 222.3 සිට රුපියල් මිලියන 506.2 දක්වා 128% කින් වර්ධනය විය. 2010/2011 මූල්‍ය වර්ෂයෙහි වාර්තා වූ රුපියල් මිලියන 435 ට සාපේක්ෂව මෙම වසරේ බදු වලට පෙර ලාභය රුපියල් මිලියන 701 ක් වශයෙන් වාර්තා වූ අතර එය 61% ක වර්ධනයකි.
වසර තුළදී සමාගමෙහි ආදායම රුපියල් බිලියන 1.67 සිට රුපියල් බිලියන 2.08 දක්වා ඉහළ නැංවුනි. මෙම ආදායම් වර්ධනය සඳහා පොලී ආදායම පසුගිය වසරේ පැවැති රුපියල් බිලියන 1.49 සිට රුපියල් බිලියන 1.87 දක්වා වර්ධනය වීම සහ ශුද්ධ පොලී ආදායම පසුගිය වසරේ වාර්තා වූ රුපියල් මිලියන 814 සිට රුපියල් බිලියන 1.06 දක්වා කැපී පෙනෙන අයුරින් වර්ධනය වීම ඉවහල් විය. මූල්‍ය වර්ෂය අග භාගයේදී සිදුවූ වෙළෙඳපොළ පොලී අනුපාතයන්ගේ ප්‍රබල ඉහළ යැම හමුවේ මෙම ශුද්ධ පොලී ආදායම ප්‍රශංසනීය වේ.
වසර 2011 මාර්තු මස 31 වැනි දින පැවැති රුපියල් බිලියන 6.85 ක වටිනාකමට සාපේක්ෂව සමාගමෙහි මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 11.25 ක් දක්වා අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙය ප්‍රතිශතයක් වශයෙන් 64.2% ක වර්ධනයකි. සමාගමෙහි මුළු ස්කන්ධය රුපියල් බිලියන 1.08 සිට රුපියල් බිලියන 1.51 දක්වා වර්ධනය විය. එය 39.81% ක වර්ධනයකි. ශ්‍රී ලංකා මහ බැංකු නිර්දේශවලට අනුව අවම අවශ්‍යතාවය වන 10% සහ ක්ෂේත්රයෙහි සාමාන්‍ය වන 14% සමග සසඳන කල සමාගමෙහි මුළු ප්‍රාග්ධන අනුපාතය 15.2% ක් ලෙස වාර්තා විය.
ණය සහ අත්කිකාරම්ද ප්‍රබල වර්ධනයක් වාර්තා කළ අතර පසුගිය මූල්‍ය වර්ෂය අවසානයේ පැවැති රුපියල් බිලියන 5.6 ට සාපේක්ෂව එය 2012 මාර්තු මස 31 වැනි දින වන විට රුපියල් බිලියන 9.1 ක් වශයෙන් වාර්තා විය. එය 62.5% ක වර්ධනයකි.
http://www.divaina.com/2012/09/11/velanda01.html