මේ අනුව සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ 2012 වසරේ 2 වන කාර්තුව සඳහා බදු ගෙවීමට පෙර ලාභය ලෙස රුපියල් මිලියන 172.6 ක් වාර්තා කර ඇත. 2011 වසරේ දෙසැම්බර් මස 31 දිනට එම සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 1,129 ක් වූ අතර එම වසරේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමූහයේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 1,393 ක් වාර්තා කරනුයේ 39% ක වර්ධනයක්ද පෙන්නුම් කරමිනි.
2012 වසරේ ජුනි මස 31 දිනට එම සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 63.2 ක් දක්වා වැඩි වී ඇත. එය 2011 වසරේ දෙසැම්බර් මස 31 දින වාර්තා කර ඇත. රුපියල් බිලියන 61.3 හා සසඳන කල රුපියල් බිලියන 1.9 ක වර්ධනයක්ද පෙන්නුම් කරයි. සමාගමේ මුළු ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 47.9 ක් වන අතර කොටස්කරුවන්ගේ අරමුදල රුපියල් බිලියන 9.4 කි. එමෙන්ම ඡන්ද බලය හිමි කොටස් සඳහා නොකඩවා වසර 4 ක් කොටස් වෙළෙඳපොළේ ඉහළම අගය ලැබුණු අතර පසුගිය මාස 6 හා සසඳන කල බැංකු හා රක්ෂණ ක්ෂේත්රයේ එම කොටස් අලෙවි ඉහළම අගය ද මෙය වේ. අපි පාරිභෝගිකයන්ට පොරොන්දු වූ දේ ඒ ආකාරයෙන්ම ලබා දීමට ඇප කැප වී කටයුතු කරනවා. අපේ සාර්ථකත්වයට මූලික වූයේ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය හා බැඳීමයි. ඒ නිසා ඔවුන් අප ආයතනයේ කොටසක්. අපි සෑම විටම ඔවුන්ගේ අවශ්‍යතාවන් නිසි ලෙස ඉටුකිරීමට බැඳී සිටිනවා. ඒ අපගේ දර්ශනය බව ගුණවර්ධන මහතා පැවසුවේය.
පාරිභෝගිකයන්ට පොරොන්දු වූ පරිදිම ක්ෂණිකව රක්ෂණ වන්දි ගෙවන අප ආයතනය 2012 වසරේ මුල් මාස 6 සඳහා රක්ෂණ වන්දි ලෙස රුපියල් බිලියන 3.7 ක් ගෙවා ඇත. රක්ෂණ ක්ෂේත්රයේ "On the Spot" රක්ෂණ සේවාව හරහා සියලුම රක්ෂණ වන්දි ගෙවන එකම රක්ෂණ ආයතනයද සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම වේ.
http://www.divaina.com/2012/09/02/economic02.html