Sri Lanka bank credit volumes fall to 18-month low in July
රජය සහ පුද්ගලික අංශය විසින් 2012 ජූලි මාසයේදී මෙරට බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය රුපියල් බිලියන 10.1 ක් දක්වා අඩුවී තිබෙන අතර එය 2011 ජනවාරි මාසයෙන් පසුව වාර්තාවූ අඩුම ණය ප්‍රමාණය බව අනාවරණය වේ.
2012 ජුනි මාසයේදී රජය හා පුද්ගලික අංශය මෙරට බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 13.5 ක් දක්වා අඩුවී තිබුණි.
පුද්ගලික අංශයේ ණයවල වර්ධනයක්
කෙසේවෙතත්, මහ බැංකු දත්ත මගින් හෙළි වන්නේ පසුගිය ජූලි මාසයේදී පුද්ගලික අංශය විසින් බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ප්‍රමාණය සියයට 31.6 කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 35.7 කින් රුපියල් බිලියන 2,270.6 දක්වා වර්ධනය වූ බවයි.
මහ බැංකුව මේ සැප්තැම්බර් මාසයේ සිය මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ ණයදීමට ප්‍රමාණවත් ධාරිතාවයක් මෙරට බැංකු ක්රමයේ තිබෙන නිසා මහ බැංකුව වාණිජ බැංකු වලට ණයදීමට පනවා තිබෙන සීමාව ලිහිල් කිරීමට අවශ්‍ය නොවන බවයි.
බැංකු ක්‍රමයෙන් රජය ලබාගත් ණය අඩුවේ
මේ අතර, 2012 ජූලි මාසයේදී රාජ්‍ය ව්‍යාපාරික කටයුතු සඳහා බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය විශාල ලෙස අඩුවී තිබෙන අතර එය පසුගිය ජුනි මාසයේදී වූ රුපියල් බිලියන 275.6 ක මට්ටමක සිට රුපියල් බිලියන 261.5 ක් දක්වා අඩුවී තිබේ.
ගිය වසරේ අදාළ කාලය සමග සසඳන විට මෙය සියයට 82.4 ක වර්ධනයක් පෙන්වා ඇත.
මේ අනුව, රාජ්‍ය අංශයට ජූලි මාසයේදී ගලාගිය සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 25.6 ක සෘණ අගයක තිබෙන අතර වාණිජ බැංකු වලින් මධ්‍යම ආණ්ඩුව ලබාගත් රුපියල් ණය රුපියල් බිලියන 559 ක් ලෙස ශක්තිමත්ව තිබේ.
මුදල් අච්චු ගැසීම
විදේශීය මුදල් ණය රුපියල් බිලියන 144.4 ක් දක්වා වැඩිවෙද්දී රජය ලබාගත් මහ බැංකු ණය රුපියල් බිලියන 295.5 ක් දක්වා විශාල ලෙස පහළ ගොස් තිබීම කැපී පෙනේ.
පසුගිය ජුනි මාසයේදී රජය ලබාගත් මහ බැංකු ණය (මුදල් අච්චු ගැසීම්) රුපියල් බිලියන 324.2 ක් විය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=85039647