පිට පිටම අඛණ්ඩව හයවන දිනයටත් බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය සිඳීයාම හමුවේ ඩොලරයක මිල ඊයේ රුපියල් 130 කට වඩා අඩුවූ අතර දිගු කාලීන පොලී අනුපාත පහළ යමින් තිබේ.
මේ අනුව, ඊයේ දිනය ආරම්භයේදී ඩොලරයක මිල රුපියල් 129.85/130.00 ක මට්ටමකින් ආරම්භ වී පසුව129.00/30 ක් දක්වා ශක්තිමත් විය.
අද දිනයේදීද ඩොලරයක මිල පවතින්නේ මෙම මිල සීමාව ආසන්නයේයි.
ඊයේ දිනයේදී සමහර භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය පදනම් අංක 30 කින් පමණ පහළ ගියේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2121519113