AVIVA NDB රක්ෂණ සමාගමෙහි අත්පත් කර නොගත් ඉතිරි 7.7% ක කොටස් ප්‍රමාණය කොළඹ කොටස් වෙළඳපොළෙහි ගනුදෙනු කෙරෙන මහජන හිමිකාරීත්වය සහිත කොටස්වලින් සමන්විත වන අතර අදාළ කොටස් මිලදීගැනීම සඳහා ඉදිරිපත් කිරීමක් සිදුනොවනු ඇත. NDB සමඟ වන බෑන්ක් ඇෂුවරන්ස් එකඟතාවය සඳහා සහ වෙල්ත් මැනේ-මන්ට් සමාගමෙහි කොටස් විකිණීමත් ඇතුළුව මෙම ව්‍යාපාරික ගනුදෙනුවට AIA විසින් ගෙවීමට නියමිත ශුද්ධ මුදල් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 109 කි.
රක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන මෙම අත්පත් කරගැනීම තුළින් ශ්‍රී ලංකාවේ AVIVA NDB හි ව්‍යාපරික කටයුතු, මෙහෙයුම් සහ කළමනාකාරීත්වයෙහි ගුණාත්මකභාවය සහ ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ සමාගම සතු සවිමත් ස්ථාවරය පිළිබිඹු වේ. වෙළෙඳපොළ ප්රාග්ධනිතය අතින් ලොව පස්වැනි විශාලතම රක්ෂණ සමාගම වන AIA හි සාමාජිකයකු බවට පත්වීම තුළින් සමාගමෙහි සේවාලාභීන් හට වැඩි මූල්‍යමය ශක්තිමත්භාවයක් සහ ස්ථාවරත්වයක් අත්විඳිය හැකි වනු ඇත.
http://www.divaina.com/2012/09/28/velanda02.html