පසුගිය කාලයේදී රුපියල අවප්‍රමාණය වීම හා විදේශීය ණය ගැනීම් වැඩිවීම නිසා 2012 ජූලි මාසය වනවිට මෙරට රාජ්‍ය ණයබර රුපියල් ට්‍රිලියනයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩිවී තිබෙන බව අනාවරණය වේ.
මේ අනුව, මහ බැංකුවේ නවතම දත්ත වලින් හෙළිවන්නේ 2012 ජූලි මාසය වනවිට මෙරට රාජ්‍ය ණයබර රුපියල් බිලියන 6,161 ක් දක්වා වැඩිවී තිබෙන බවත් 2011 දෙසැම්බර් වනවිට එය තිබී ඇත්තේ රුපියල් බිලියන 5,133.3 ක් ලෙසින් බවයි.
ජූලි මාසයේදී විදේශීය ණය ගැනීම් වැඩිවීමට රජය විසින් නිකුත් කළ ඩොලර් බිලියනයක බැඳුම්කර නිකුතුව හේතුවූ අතර ඉන් ඩොලර් මිලියන 500 ක පමණ මුදලක් ලබන මාසයේදී කල් පිරෙන බැඳුම්කර සඳහා ගෙවීමට සූදානම් වේ.
2011 වසරේදී ඩොලරයක මිල රුපියල් 110 ක පමණ මට්ටමක සිට 2012 වසරේ මුල් අර්ධය වනවිට රුපියල් 130 ක් වැනි මට්ටමක් දක්වා ඉහළ නැගුණි.
මේ අතර, රාජ්‍ය ණයවල විදේශීය ණය ගැනීම් 2008 වසරේ සිට වැඩිවීමක් දකින්නට තිබේ.
රාජ්‍ය ණයබර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 2006 වසරේදී තිබූ සියයට 87.8 ක මට්ටමක සිට 2011 වසර වනවිට සියයට 78.4 ක් දක්වා අඩුකර ගැනීමට සමත්ව තිබීම කැපී පෙනෙන කාරණයකි.
කෙසේවෙතත්, මේ වනවිට රුපියල යළිත් ශක්තිමත් වෙමින් තිබෙන නිසා වසර අවසන් වනවිට විදේශීය ණයබර රුපියල් වලින් ගත්විට අඩුවීමේ ප්‍රවණතාවයක් තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1521478055