පසුගිය සිකුරාදා පහළ ගිය රජයේ බැඳුම්කර පොලී අනුපාත අද දිනයේදී යළි ඉහළ නැගුණි.
මේ අනුව, 2014 අප්‍රේල් 01 වනදා කල් පිරෙන වසර දෙකේ බැඳුම්කර පොලිය අද සියයට 13.17/25 ක් දක්වා වැඩිවූ අතර 2015 ජූලි 15 වනදා කල් පිරෙන වසර තුනේ බැඳුම්කර පොලිය සියයට 13.28/33 ක් දක්වා ඉහළ නැගුණේ සිකුරාදා වූ සියයට 13.10 ක මට්ටමක සිටයි.
මීට අමතරව, 2016 අප්‍රේල් 01 වනදා කල් පිරෙන වසර හතරේ බැඳුම් කර සිකුරාදා සියයට 13.40 ක් දක්වා පහළ ගිය අතර අද දිනයේදී නැවතත් සියයට 14.55/70 ක් දක්වා ඉහළ නැගුණි.
2017 ජූලි 15 වනදා කල් පිරෙන වසර පහේ බැඳුම්කර පොලියද අද සිකුරාදා වූ සියයට 13.70 ක මට්ටමක සිට සියයට 13.85/90 ක මට්ටමක දක්වා ඉහළ ගියේය.
විනිමය වෙළඳ පොළේ අද දිනයේදී ඩොලරයක මිල රුපියල් 131.05/08 ක් පමණ වූ අතර සිකුරාදා රුපියල් 131.40/55 ක් පමණ විය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=271936051