ලයිස්තු ගත ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ තමන් සතු කොටස් ප්රමාණය තවදුරටත් වැඩිකර ගත්බව Actis Investment Holding SL Limited සමාගම කියයි.
මේ අනුව, සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ පුද්ගලික කොටස් ගනුදෙනුවක් මගින් රුපියල් බිලියන 2.26 ක මුදලක් සිය සමාගම ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ ආයෝජනය කළ බවයි.
මෙම ආයෝජනය සමග රෝහල් සමූහයේ තමන් සතු සියයට 19.09 ක් වන ඡන්ද සහිත කොටස් ප්රමාණය සියයට 25.5 ක් දක්වා ඉහළ යනබව Actis සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=73312722