පුද්ගලික කොටස් සමූහයක් වන ඇක්ටිස් ආසිරි රෝහල් සමූහයට රුපියල් බිලියන 2.26 ක මුදල් ලබාදීමට සූදානම් වන අතර ගිය සතියේදී ලබාදුන් රුපියල් මිලියන 604 ත් සමග මෙම මුදල් ප්රමාණය රුපියල් බිලියන 2.87 ක් දක්වා වැඩිවේ.
ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩින්ග්ස් සමාගම පවසා තිබෙන්නේ එකක් රුපියල් 10.80 ක් වන කොටස් මිලියන 209 ක් ඇක්ටිස් සමාගමට විකිණීමට නියමිත බවයි. මේ නිසා, ඇක්ටිස් සතුව ආසිරි රෝහල් සමූහයේ තිබෙන කොටස් ප්රමාණය සියයට 19.09 ක් දක්වා ඉහළ නැගීමට නියමිතය.
මෙම මුදල් ආසිරි රෝහල් සමූහය සිය ණය පියවීමට හා අනුබද්ධ සමාගම්වල කොටස් මිලදී ගැනීමට යෙදවීමට නියමිතය.
මේ අනුව, ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩින්ග්ස් විසින් ආසිරි සර්ජිකල් හොස්පිට්ල්ස් වෙතින් ආසිරි සෙන්ට්රල් හොස්පිට්ල්ස්හි මිලියන 7.303 ක් වන කොටස් එකක් රුපියල් 250 බැගින්ද, සෙන්ට්රල් හොස්පිට්ල්ස්හි මිලියන 15.88 ක් වන කොටස් එකක් රුපියල් 25 ක් බැගින් ආසිරි සර්ජිකල් හොස්පිට්ල්ස් වෙතින් මිලදී ගැනීමට සූදානම් වේ.
පසුගිය සතියේදී ඇක්ටිස් ආයෝජන සමාගම රුපියල් මිලියන 604 ක් වියදම් කර ආසිරි හොස්පිට්ල්ස් සමාගමේ සියයට 10.8 ක් වන කොටස් මිලදී ගත්තේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1490859102