Sri Lanka Treasuries yields drop
පොලී අනුපාත පහළ යෑමේ සලකුණු පෙන්වා තිබියදී මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත තවදුරටත් පහළ යයි.
මේ අනුව, මාස හයේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය පදනම් අංක 18 කින් පහත වැටී සියයට 10.81 ක් වෙද්දී මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 03 කින් පහළ ගිය අතර අවුරුද්දේ බිල්පත් පොලිය පදනම් අංක 03 කින් පහළ ගොස් සියයට 11.35 ක් විය.
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙවර වෙන්දේසියට රුපියල් බිලියන 28 ක් වටිනා බිල්පත් ඉදිරිපත් කළ බවත් වෙළඳ පොළින් රුපියල් බිලියන 70.0 ක් වටිනා ලංසු ලැබුණු බවයි