මෙරට ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් මූල්‍ය අරමුදල පසුගිය කාලයේදී මෙරටට සමීපස්ථ ණය පහසුකමක් ලබාදුන් අතර එම මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබුණි.
මෙවර රජය විසින් සඳහන් කර තිබුණේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 07 ක් දක්වා ඉහළ නැග තිබෙන නිසා මූල්‍ය අරමුදලෙන් මුදල් අවශ්‍ය වන්නේ අයවැය කටයුතු වලට රජයට මිස මහ බැංකුවට නොවන බවයි.
රජය 2013 වනවිට මෙරට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.8 ක් දක්වාත් මැදි කාලීනව සියයට 05 කට අඩු අගයක් දක්වාත් පහළ දැමීමට සැලසුම් කර තිබේ.
කෙසේවෙතත්, පැවති සාකච්ඡා වලදී මෙරට අයවැය කටයුතු සඳහා මුදල් ලබාදීමට මූල්‍ය අරමුදල කැමැත්ත පළකර නොමැති අතර මේ බව මීට පෙර “විමසුම“ විසින් අනාවරණය කළේය.
මේ අනුව, ඉදිරියේදී අයවැය කටයුතු සඳහා රාජ්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම වැනි මූලාශ්‍ර වෙත යෑමට රජයට සිදුවනු ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2135044777