අගවිනිසුරු මේ බව කියා සිටියේ සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළඳපොළ යෙදවීමට එරෙහිව වෘත්තීය සමිති 11 ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. අගවිනිසුරු පීරිස්, කේ. ශ්‍රී පවන්, පී.ඒ. රත්නායක යන ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
වැඩිදුර විභාගය අනවශ්‍ය බවත් කී ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම නිෂ්ප්රභා කළේය.
සේවක අර්ථ සාධක අරමුදල් නීතිවිරෝධී ලෙස කොටස් වෙළෙඳපොළේ ආයෝජනය සඳහා යෙදවීම සාපරාධි ක්‍රියාවක් සේ සලකා ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ජාතික සේවක සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති 11 එක්ව මෙම පෙත්සම ගොනු කළේය.
මහ බැංකු අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල, කම්කරු කොමසාරිස්, භාණ්ඩාගාර ලේකම්, විනිමය හා සුරැුකුම්පත් කොමිෂන් සභාව, ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
http://www.lankadeepa.lk/index.php/articles/98363