කොටස් වෙළඳපොළ ගනු දෙනු වලදී සේවක අර්ථසාධක අරමුදල වංචා කර ඇති බවට ඇතමුන් නඟන චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන බව, සේවක අර්ථ සාධක අරමුදල පවසයි.
මෙරට විශාලතම අරමුදලේ කීර්තිනාමය කෙළෙසීම තුළින් රටේ ආර්ථිකය අස්ථාවර කිරීමේ කූඨ සැලැස්මක් ඇතැමුන් විසින් දියත් කරමින් පවතින බව එම අරමුදල මැයි 21 වැනි දා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. සේවක අර්ථ සාධක අරමුදල සිය අයෝජනයෙන් 93 ක ප්‍රතිශතයක් රාජ්‍ය සුරැකුම්පත්වල ද 6 ක් කොටස් වෙළෙඳ පොළෙහි ද ඉතිරි 1 සංගමික ණය කරයක් සහ අනිකුත් කෙටි කාලීන රාජ්‍ය සුරැකුම්පත්හි ආයෝජනය කරයි. කොටස් වෙළෙඳපොළෙහි අයෝජනය කරන්නේ සිය අරමුදල් ප්‍රාග්ධන පදනම පුළුල් කිරීම සහ දිගු කාලීනව ලාභ ඉපයීමේ අරමුණෙනි.
කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අදාළ සමාගම් කොටස්වල ෙනෙසර්ගික අගය, එහි දිගුකාලීන අපේක්ෂා, කොටස් මිලෙහි මැදි සහ දිගුකාලීන වර්ධනය, සමාගම් අනාගත සැලසුම් යහපාලනය සහ කොටස් ප්‍රමාණය ආදී කරුණු රැසක් අධ්‍යයනය කරන බව එම අරමුදල පවසයි.
එසේ වුවත් කොටස් වෙළෙඳ පොළ අයෝජනයේදී කොටස් වෙළෙඳපොළ ස්ථාවර මට්ටමක නොපවතින නිතරම උච්චාවචනයට ලක්වේ. මේ නිසා කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී ලාභ සහ අලාභ ලැබිමට අයෝජකයන්ට සිදු වේ.
එනමුත් සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම තුළින් 2011 වසරේදී ලාභ සහ ලාභාංශ වශයෙන් රුපියල් මිලියන 2504 ක් ද මෙම වර්ෂයේ දී රුපියල් මිලියන 1559 ක් ද උපයා ගැනීමට සමත් වී ඇත. කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත වෙළෙඳපොළ මිල දර්ශකය (ඒඉ) එහි උපරිම අවස්ථාවට පැමිණි 2010 අවසාන භාගයේදී සහ 2011 මුල් භාගයේදී සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 19 ක් පමණ වූ උපයා නොගත් ප්‍රාග්ධන ලාභයක් සිය ආයෝජනය තුළ වාර්තා කර ඇත.
සිය ආයෝජන ඇතුළු සියලුම ගනුදෙනු රටේ පිළිගත් විගණන ආයතනයන් විසින් අභ්‍යන්තරව විගණනය කරනු ලබන අතර 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනතේ 6 (1) වගන්තිය ප්‍රකාරව අරමුදලේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලබන බව එම අරමුදල පවසයි
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4014:2012-05-22-18-50-16&catid=72:tv&Itemid=414