FOSTERS Lager බීර ශ්‍රී ලංකාවේ නිපදවීම සඳහා කාර්ගීල්ස් සමාගම ඕස්ට්‍රේලියාවේ කාල්ටන් යුනයිටඩ් බෘවරීස් සමාගම සමග ගිවිසුමකට එළඹෙයි.
කාර්ගීල්ස් සමාගම මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර කාල්ටන් යුනයිටඩ් බෘවරීස් සමාගම එංගලන්තය හා දකුණු අප්‍රිකාව පදනම් කරගත් SABMiller සමාගම් සමූහයට අයත් සමාගමකි.
කාර්ගීල්ස් සමාගම පවසා තිබෙන්නේ මෙම ගිවිසුමට අනුව සිය Millers Brewery Ltd සමාගමට FOSTERS වෙළඳ නාමය යටතේ මෙරට බීර නිෂ්පාදනය කර විකිණීමේ අවසරය හිමිවන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1556400165