මේ පිළිබඳව වාර්තා කරන “හින්දු“ පුවත් පත සඳහන් කර තිබෙන්නේ මුතුවේල් කරුණානිධිගේ ඩී.එම්.කේ. පක්ෂය ඉන්දීය සභාග රජයේ ප්‍රධාන පාර්ශව කරුවෙකු වුවද ඔවුන්ගේ සහාය නොලැබීම තුළින් වත්මන් ඉන්දීය ආණ්ඩුව අර්බුදයකට පත් නොවන බවත් ආණ්ඩුව ශක්තිමත් එකක් බවයි.
ඉන්දීය සභාග ආණ්ඩුවට සහාය ලබාදීමෙන් ඉවත්වන බව පවසමින් ඩී.එම්.කේ. පක්ෂයේ අමාත්‍යවරුන් 05 දෙනාම මේ වනවිට අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත සිය අස්වීමේ ලිපි භාරදී තිබේ.
පසුගිය අඟහාරුවාදා කොංග්රස් පක්ෂය නායකත්වය දරණ ඉන්දීය සභාග රජයට සහාය දැක්වීමෙන් ඩී.එම්.කේ. පක්ෂය ඉවත් වූ අතර මෙම පක්ෂයට මන්ත්‍රීවරු 18 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් පස් දෙනෙකුට අමාත්‍ය ධූර හිමිව තිබුණි.
මෙම ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය නාගරික සංවර්ධන අමාත්‍ය කමල් නාත් පවසා තිබෙන්නේ මෙවැන්නකි.
“කිසිදු දේශපාලන පක්ෂයකට ආණ්ඩුවේ බහුතර බලයට අභියෝග කළ නොහැකියි.“
“හින්දුස්තාන් ටයිම්ස්“ පුවත් පත වාර්තා කර තිබෙන්නේ ඉන්දීය රජයේ බලය මේ වනවිට සමාජ්වාදී පක්ෂය(SP) සහ බහුජන් සමාජ් පක්ෂය(BSP) වැනි ප්‍රාදේශීය පක්ෂ මත දැඩිව රඳා තිබෙන බවයි.
මෙවැනි වාතාවරණයක් තුළ ඊළඟ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියමිත කාලයට කලින් පැවැත්වීමේ ඉඩ කඩක් ඇතැයි “ටයිම්ස් ඔෆ් ඉන්ඩියා“ පුවත් පත වාර්තා කර තිබේ.
ඩී.එම්.කේ. යනු තමිල්නාඩුවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන අතර බහුතර ද්‍රවිඩ ජන කොටසක් නියෝජනය කරයි.
REF.vimasuma.com