ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් වන අම්බානි සහෝදරයින්ගේ ව්‍යාපාරවල ආදායම් අභිබවා යමින් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරික ආයතනය බවට ටාටා සමාගම් සමූහය පත්ව තිබෙන බවයි.
රටාන් ටාටාගේ නායකත්වයෙන් යුක්ත ටාටා සමාගම් සමූහයේ වටිනාකම ඉන්දියානු රුපියල් ට්‍රිලියන 4.32 ක් බවත් අම්බානි සහෝදරයින් දෙදෙනාගේ රිලයන්ස් ව්‍යාපාරවල වටිනාකම ඉන්දියානු රුපියල් ට්‍රිලියන 3.46 ක් බවත් සඳහන්ය.
ලෝකයේ හත්වන විශාලතම යකඩ නිෂ්පාදන සමාගම වන ටාටා ස්ටීල්, ටාටා සමාගම් සමූහය සතුවන අතර ටාටා මෝටර්ස් ඇතුළු තවත් සමාගම් රැසක් ඔවුන්ට ඇත.
අම්බානි සහෝදරයින් දෙදෙනාගෙන් වැඩිමලා වන මුකේෂ් අම්බානි ඛනිජ තෙල් හා ගෑස් ආශ්රිත ව්‍යාපාර කරන අතර ඔහු ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව විසින් වර්ග කර තිබේ.
ඔහුගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 27 ක් පමණ වනබව ගණන් බලා ඇත.
ඔහුගේ බාල සහෝදරයා වන අනිල් අම්බානි විදුලි සංදේශ, මූල්‍ය සේවා ආශ්රිත ව්‍යාපාර කරන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 8.8 ක් යැයි ගණන් බලා තිබෙන අතර ඔහු ඉන්දියාවේ අටවන ධනවතා බව සඳහන්ය.
ටාටා සමූහයේ ප්‍රධානී, රටාන් ටාටා ෆෝබ්ස් ධනවතුන්ගේ ලයිස්තුවේ නොසිටින නමුත් ඔහු ලෝකයේ බලපෑම් කළ හැකි පුද්ගලයින්ගේ ලයිස්තුවේ 61 වන ස්ථානයේ සිටී.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2734&Itemid=56