මේ පිළිබඳව “විමසුම“ ට අදහස් දක්වමින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සහ සාමාන්‍යාධිකාරී, ඩී.පී. කුමාරගේ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සමාගම කටයුතු කරමින් සිටින බවයි.
“අපි මේ වනවිට මෙම ජාත්‍යන්තර ණය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. බොහෝවිට ලබන ජුනි මාසය පමණ වනවිට මෙම ණය මුදල ලබාගැනීමට හැකියි. තවමත් කුමන පාර්ශ වලින් ණය ලබාගන්නවාදැයි කිව නොහැකියි.“
මෙම ඩොලර් මිලියන 100 ක ණය මුදල තුළින් සමාගමේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම ඇතුළු කාර්යක් සැලසුම් කර තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ලංකා බැංකුව ඩොලර් මිලියන 300-500 ත් අතර වටිනාකමකින් යුක්ත බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳ පොළේ විකිණීමට සැලසුම් කර ඇතැයි පසුගියදා වාර්තා වූ අතර මෙම නිකුතුව කළමනාකරණය කිරීම සඳහා UBS බැංකුව තෝරාගෙන තිබේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවද මේ වසරේදී ජාත්‍යන්තර නිකුතුවක් කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගමට අනුබද්ධ පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම අද නව වෙබ් අඩවියක් කොළඹදී එළි දැක්වීය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=937924556