මේ පිළිබඳව අදහස් දක්වමින් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විපුල වණිගසේකර “විමසුම“ ට පැවසුවේ ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන සාම්ප්‍රදායික රට වලින් ඔබ්බට ගොස් මෙරට සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමේ සැලසුම යටතේ මෙම ප්‍රවර්ධන වැඩසටහන සිදු කරන බවයි.
“මේ සඳහා මෙරට මෙන්ම ඉන්දියාවේ සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ පාර්ශව කරුවන් සම්බන්ධ කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.“
යනුවෙන් හෙතෙම පැවසීය.
මීට අමතරව, රජය විසින් අප්‍රේල් මාසය අවසානයේදී සිංගප්පූරුව හා මැලේසියාවේද මෙවැනිම ප්‍රවර්ධන වැඩසටහනක් සිදු කිරීමට සැලසුම් කර තිබේ.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරට වේගයෙන්ම හිස ඔසවමින් තිබෙන කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය සැලකිය හැකි අතර ගිය වසරේදී මෙරටට ලක්ෂ දහයක පමණ සංචාරකයින් පිරිසක් පැමිණියේය.
මේ වසරේ ඉලක්කය ලක්ෂ 12 ක පමණ සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමයි.
REF-Vimasuma.com