ස්වභාවික ජල මූලාශ්‍ර සහිත සුදුසු ඉඩමක් ලබාදීමට රජය සූදානම් නම් අධි තාක්ෂණයෙන් යුතු කිරි ගොවිපොළක් ඒ ආශ්රිත නිෂ්පාදන කටයුතු සිදුකරන කම්හල්ද සමගින් ආරම්භ කිරීමට නෙදර්ලන්ත සමාගමක් කැමැත්ත පළකර තිබේ.
මේ අනුව, මේ සඳහා ඉදිරිපත් වී සිටින්නේ නෙදර්ලන්තයේ Velema Holdings නැමති සමාගම වන අතර ඒ සඳහා හෙක්ටයාර් 1,500 ක පමණ ඉඩමක් රජයෙන් ඉල්ලා තිබේ.
මෙහිදී, උසස් තත්ත්වයේ කිරි ගවයන් යොදා ගැනීමට යෝජනා කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ කිරි ගවයෙකුගෙන් සාමාන්‍යයෙන් දිනකට ලබාගත හැකිවන්නේ කිරි ලීටර් 07 කට අඩු ප්රමාණයකි.
අප සමග අදහස් දක්වමින් Velema Holdings සමාගමේ ප්‍රධානී Lubartus Velema මෙසේ සඳහන් කළේය.
“ශ්‍රී ලංකාවට සිය දේශීය කිරි කර්මාන්තය නැංවීමට අවශ්‍යව තිබෙනවා. අපිට පුළුවන් ඊට සුදුසු හෙක්ටයාර් 1500 ක පමණ ඉඩමක් ලබාදිය හැකිනම් අධි තාක්ෂණයෙන් යුතු කිරි ගොවිපොළක් හා ඒ ආශ්රිත නිෂ්පාදන කම්හල් ලංකාවේ ආරම්භ කරන්න.“
පසුගියදා ලංකාවට පැමිණි නෙදර්ලන්ත ව්‍යාපාරික කණ්ඩායමේ සාමාජිකයෙකු වූ Velema මහතා පැවසුවේ කිරි හරකුන් 500 කින් හා නිෂ්පාදන කම්හලකින් යුක්ත කිරි ගොවිපොළවල් තුනක් ඩොලර් මිලියන 20 ක පමණ ආයෝජනයකින් සිදුකළ හැකි බවයි.
එක් කිරි හරකෙකුගේ වටිනාකම ඩොලර් 1000 ක් පමණ වනබව ඔහු පැවසීය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1493928237