මේ අනුව, අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසන්නේ මේවා අතර කොළඹ වරාය අසල මුහුද ගොඩකරමින් නගරයක් නිර්මාණය කිරීම සඳහා චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම සමග අත්සන් කරන ඩොලර් බිලියන 1.3 ක ආයෝජන ගිවිසුමද තිබෙන බවයි.
මීට අමතරව, තවත් චීන සමාගමක් වන AVIC International Engineering (Hong Kong) Ltd සහ Nice View Apartments of Hong Kong විසින් රජය සමග ගිවිසුම් අත්සන් කරන්නේ ඩොලර් මිලියන 250 ක වියදමකින් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහායි.
මෙම ව්‍යාපෘතිය කොළඹ ආර්.ඒ.ද. මෙල් මාවතේ ඉඩමක සිදුකරන අතර එහි තට්ටු නිවාස 539 ක් ඇතුළු මිශ්‍ර සංවර්ධන පහසුකම් ගොඩ නැගීමට නියමිතය.
තුන්වන ව්‍යාපෘතිය වන්නේ ඕස්ට්‍රේලියාවේ Property Alliance Capital (Pte) Ltd විසින් කොළඹ ජේම්ස් පීරිස් මාවතේ ඩොලර් මිලියන 450 ක ආයෝජනයකින් සිදුකිරීමට යන ව්‍යාපෘතියයි. මේ සඳහා අවුරුදු 99 බද්දට ඉඩම ලබාදෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.
මෙම ව්‍යාපෘති සඳහා උපාය මාර්ගික සංවර්ධන පනතට අනුව බදු සහන හිමිවේ.
Reference=Vimasuma.com