(06/05/14)- ලාභ පියවිම් හමුවේ පසු බැස්මකට කොටස් වෙළෙඳ පොළ දිනය අවසානයේ ළඟා වනු දක්නට විය.
මේ අනුව අද දිනයේ ගනුදෙනු අවසන් කරන විට සියළු කොටස් මිළ දර්ශකය ඒකක 23.30 කින් පහළ යම්න් ඒකක 6226.13 ක් වු අතරේ S&P දර්ශකය ඒකක 17.57 කින් පහළ යමින් ඒකක 3424.12 ක් විය.
ලංකා දුම්කොළ හා නෙස්ලේ මෙම පසුබැස්මට මුල් වු සමාගම් විය.
දිනයේ පිරිවැටුම අදද රුපියල් බිලියන 1.2ක් විය.
දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය සෙලාන් නිශ්ඡන්ද කොටස් ලබා දුන්නේ ගිවිසගත් ගනුදෙනුවක් මගින් කොටසක් රුපියල් 40 බැගින් කොටස් මිලියන 12 කට ආසන්න ප්‍රමානයක් හුවමාරු වෙමින් රුපියල් මිලියන 479.9 ක් පිරිවැටුමට එක් කළ පසුබිමකය.සාමාන්‍ය පුවරුවේද රුපියල් මිලියන 50 ක දායකත්වයක් මෙම කොටස් ලබා දි තිබිණි.
එක්ස්පෝ ලංකා කොටස් මිලියන 16.5 ක් කොටසක් රුපියල් 10.40 බැගින්ද අද ගිවිසගත් ගනුදෙනුවක් මගින් හුවමාරු වු අතරේ සමාගමේ පිරිවැටුමට මුළු දායකත්වය රුපියල් මිලියන 238.8 කි. මෙහි පාලන බලය ජපාන සමාගමක් අතට යන බවට පසුගිය සති කිහිපයක් තිස්සේ කතිකා පවති.
ඉන්දියන් ඔයිල් සමාගමේද කොටස් මිලියන 1.4 ක් කොටසක් රුපියල් 43 බැගින් හුවමාරු විය.
කොමාර්ෂල් බැංකු පිරිවැටුම් දායකත්වය රුපියල් මිලියන 74.2 කි.
http://www.randora.lk/index.php/markets/stock-market/item/2700-tuesday-markets