(07/05/13 )- ශ්‍රී ලංකාවේ ඉහළ ආර්ථීක වෘර්ධියක් ලබා ගැනිමේ හා මේ වන විට පවත්නා මැදි ආදායම් බාධකය බිදිමේ මං ජාත්‍යන්තර AIA රක්ෂණ සමුහයේ ප්‍රධාන විධායක Mark Edward Tucker ඊයේ 06 දා කොළඹදි ගෙන හැර දැක්විය.
මේ අනුව,නවෝත්පාදනය,පුද්ගලික අංශයේ වැඩ් සහභාගිත්වය,බැංකු අංශයේ ප්‍රතිසංස්කරණ,දුෂණ විරෝධි දැඩ් රේගුලාසි මේ අතර වන බව ඔහු කියයි.
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බි ජයසුන්දර මහතාගේ ආරාධනයෙන් ඊයේ 06 දා එහි මුල්‍ය සේවා අධ්‍යාපණ මණ්ඩපය වන Miloda හිදි ආරාධිත දෙසුමක් කරමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.
අපි පසුගිය වසරේ ලංකාවට එන විට දිගු කාලින දැක්මක් ඇතිවයි ,ආගමනය සිදු කළේ.දේශිය පාරිභෝජනය සහ පුද්ගලික අංශයේ වැඩි දියුණු වු ආයෝජනය ලංකාවේ ධරණිය ආර්ථීක වෘර්ධියට මං විවර කරනවා.
මේ සදහා ක්‍රමවත් මුල්‍ය විනයක් අවශ්‍යයයි.
ශ්‍රී ලංකාව කාලාපිය හා ගෝලිය වශයෙන් සබදතා තහවුරු කර තිබෙනවා.ඇමෙරිකාව ආසියාව දෙසට වන නව නැඹුරුව ලංකාවට බලපැමක් නොවේ.ආසියානු ආර්ථීක වර්ධනයේ ප්රතිලාභ වලින් ලංකාවටත් ප්‍රයෝජන ගත හැකියි.
මෙහිදි අවධාරණය කළ යුතුයි,ආසියානු ආර්ථීක මොඩලය අපනයන අභීමුඛ අංශයන්ගේ සිට දේශිය ඉහළ පාරිභෝජන ආර්ථීකයක් දක්වා විතැන් වෙමින් පවතිනවා.කෙසේවෙතත්,අපනයන වෘර්ධ් සමීකරණයේ ප්‍රධාන කොටසක් බව කිව යුතුයි.
මුදල් ලේකම් ආචාර්ය පී.බි ජයසුන්දර ප්රමුඛ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් හා සෝලි කැප්ටන්,කෙන් බාලේන්ද්‍ර ප්රමුඛ පුද්ගලික අංශයේ විශාල පිරිසක්ද මෙයට එක්ව සිටියහ.
http://www.randora.lk/index.php/research/economy-news-announcements/item/2702-mark-edward-tucker