(16/05/14)- ජාත්‍යන්තර ප්‍රමිතින් අනුව යමින් ශ්‍රී ලංකාව දළ ජාතික නිෂ්පාදිතය ගණනය කරන ක්‍රමවේදය යාවත්කිලින කිරිමට පියවර ගන්නා බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් D.C.A ගුණවර්ධන මහතා සදහන් කරයි.
මේ අනුව මෙතෙක් මෙම දළ ජාතික නිෂ්පාදිතය ගණනය කිරිමේදි පදනම් වර්ෂය ලෙස සැලකු 2002 වසර 2010 වසර ලෙස වෙනස් කරන බවද හෙතෙම කියයි.
ඔහු මෙම සදහන රෝයිටර් පුවත් සේවයට පසුගියදා පවසා ඇත්තේ මෙම දළ ජාතික නිෂ්පාදන දත්ත දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරින්ගේ බලපෑම් මත 2013 මුල් කාර්තුවේ තමාට අධි තක්සේරු කිරිමට සිදු වු බවට ලොවටම හඩා ගා කිව්වේ යැයි චෝදනා මත ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂව සිටි එචි.එස් වනසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝග මත පසුගිය සිකුරාදා වැඩ තහනම් කළ පසුබිමකය.
කෙසේවෙතත්,නව දළ ජාතික නිෂ්පාදිතය ගණනය කරන ක්‍රමවේදය අනුව ඇමෙරිකාණු ඩොලර් බිලියන 67 ක් වටිනා මෙරට ආර්ථීකයේ සියළු නව ආර්ථීක අංශ ආවරණය කිරිමට බලාපොරොත්තු වන බවද සදහන්ය.
ලබන වසරේ මුල් කාර්තුවේ පමණ මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වෙනවා.ජාතික ගිණුමි පිළිබඳව වන නවතම අන්තර්ජාතික කාර්මික සංඛ්‍යාෙල්ඛණ ප්‍රමිතින් අනුව නව වර්ගිකරණයක් යටතේ ආර්ථීකය ආවරණය කිරිමට අප මෙමගින් කටයුතු කරනවා.
යැයිද ගුණවර්ධන මහතා පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් හා රාජ්‍ය මුල්‍ය සංඛ්‍යාෙල්ඛණ අනවශ්‍ය දත්ත,මුලාශ්‍ර සහා නොදියුණු තාක්ෂණයන්ගෙන් පිරි පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 2013 වසරේ මුල ශ්‍රී ලංකාව සමිබන්ධයෙන් සිදු කළ ආටිකල් 04 නීරික්ෂනයේ ස්වකිය ( සාමාජික රටවල වාර්ෂීක ආර්ථීක සමාලෝචන වාර්තාව) සමාලෝචන වාර්තාවෙන් අවධාරණය කර තිබිණි.
ශ්‍රී ලංකාවේ කාලින පරිපුර්ණ දත්ත සමීක්ෂණ වාර්තා විශ්ලේෂණ ක්‍රමවේදයක් නැති බව එහිදි පෙන්වා දුන් මුල්‍ය අරමුදල මෙවැනි සංඛ්‍යාෙල්ඛණ ව්‍යාපාරික රේජිස්ටරයක් නොමැති විම නිසා ආර්ථීකය සම්බන්ධයෙන් සිදු කරන දත්ත විශ්ලේෂණ ක්‍රමවත් ක්‍රමවේදයක් අනුව සිදු කිරිමට නොහැකි වි ඇති බවද පවසා තිබිණි.
2009 සිට මේ දක්වා ලංකාවේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදන ප්‍රතිශතය සියයට 6.3 ඉක්මවා පවතින අතරේ රටේ උද්ධමන අනුපාතිකයද තනි ඉලක්කමක පවති.
වැඩිදුර කියවිම් සදහා.....
මූලික ජාතික ආදායම් දර්ශක හඳුනා ගැනීම
රටක ජාතික ආදායම් ගණනය කිරීම එරට පොදු ජනතාවගේ ආර්ථික මට්ටම, එහි ප්‍රගතිය සහ එය වෙනත් රටවල් සමග සැසඳීමක් කිරීම මෙන්ම ආර්ථික ප්‍රගතිය සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිවල බලපෑම ඇගයීම සහ තවදුරටත් අවශ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා උපකාරී වෙයි. රටක නිෂ්පාදනය, වියදම හා ආදායමට සම්බන්ධ දත්ත රාශියක් මෙහිදී ගණනය කළ ද ආර්ථික විද්‍යාඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් තම විශ්ලේෂණයන් සඳහා යොදා ගන්නා මූලික සාර්ව ඇස්තමේන්තු කිහිපයක් දැකිය හැකිය. මේවා මූලික ජාතික ආදායම් දර්ශක (Key National Income Indicators) ලෙස පහත දැක්වෙයි.
ආර්ථීක වර්ධන අනුපාතය (Economic Growth Rate)
යම්කිසි කාල පරිච්ජේද දෙකක් අතර (සාමාන්‍යයෙන් කාර්තු දෙකක් හෝ වර්ෂ දෙකක් අතර) ස්ථාවර සාධක මිල අනුව ගණනය කළ දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) හෝ දළ ජාතික නිෂ්පාදිතයේ (ද.ජා.නි.) ප්‍රතිශතක වෙනස්වීම ආර්ථික වර්ධන වේගය ලෙස භාවිතා කෙරේ.
ද.දේ.නි.ය යනු යම් කාලයක් තුල රටක දේශ සීමා තුල නිෂ්පාදන කටයුතුවල යෙදී ඇති නිෂ්පාදන සාධක විසින් කරන ලද නිෂ්පාදනයෙහි මුළු වටිනාකමයි. ද.ජා.නි.ය යනු රටට හිමි නිෂ්පාදන සාධක විසින් කරන ලද නිෂ්පාදනයෙහි මුළු වටිනාකමයි. මෙහිදී, පළමුව ද.දේ.නි.ය ගණනය කොට පසුව ද.ජා.නි.ය ගණනය කිරීම සාමාන්‍යයෙන් සිදුවෙයි. රටට හිමි නිෂ්පාදන සාධක විසින් පිටරටවල නිෂ්පාදනයෙහි යෙදී උපයා රටට එවන ලද සාධක ආදායම් (වැටුප්, ලාභ සහ පොළී ආදායම් වැනි) ද.දේ.නි.යට එකතු කොට, විදේශීය සාධක විසින් රට තුල නිෂ්පාදනයෙහි යෙදී උපයා පිටරටවලට යවන ලද සාධක ආදායම් ද.දේ.නි යෙන් අඩු කිරීමෙන් ද.ජා.නි.ය ගණනය කරනු ලැබේ.
මෙම සාධක ආදායම් ගැලපුම් වටිනාකම ශුද්ධ විදේශ සාධක ආදායම නම් වෙයි. ස්ථාවාර සාධක මිල අනුව ගණනය කිරීම යනු යම් වර්ෂයක හෝ කාල පරිච්ජේදයක නිෂ්පාදන ප්‍රමාණයේ වටිනාකම, තෝරා ගන්නා ලද අතීත වර්ෂයක නිෂ්පාදනයන් සඳහා පැවති මිල ගණන් අනුව ගණනය කිරීමයි. මේ අනුව ස්ථාවර සාධක මිල අනුව ද.දේ.නි.ය වර්ෂ 2011 දී රුපියල් බිලියන 2,864 ක් ද, 2012 දී රුපියල් බිලියන 3,047 ක් වූ අතර, ඒ අනුව, 2012 වර්ෂයේ ආර්ථික වර්ධන වේගය 6.4% කි. රටක නිෂ්පාදන වටිනාකම කාල පරිච්ජේද දෙකක් අතර වෙනස්වීම කෙරෙහි එම කාල දෙක අතර සිදු වූ මිල වෙනස්වීම මගින් ඇතිවන බලපෑම මෙහිදී ඉවත්වී ඇති බැවින් (ස්ථාවර සාධක මිල අනුව නිෂ්පාදන වටිනාකම ගණනය කරන බැවින්), ආර්ථික වර්ධන අනුපාතයෙන් පෙන්වනුයේ රට තුල සමස්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදන ප්‍රමාණයේ සිදු වී ඇති ප්‍රතිශතක වෙනස්වීමයි. එබැවින්, මෙය මූර්ත ආර්ථික වර්ධන අනුපාතය ලෙස ද හැඳින්වෙයි. ආර්ථික වර්ධනයක් පවතින විට ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාකාරිත්වය, සමස්ත ආදායම, සේවා නියුක්තිය සහ ජීවන මට්ටම ඉහළ යන බව සාමාන්‍යයෙන් අදහස් වෙයි.
සාමාන්‍ය ආර්ථික විශ්ලේෂණවල දී වාර්ෂික ආර්ථික වර්ධන අනුපාතය යොදා ගැනේ. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතය පිළිබඳ දත්ත වර්ෂ 1951 සිට තිබෙන අතර 2001 දී පමණක් ඍණ වර්ධනයක් (-1.5%) වාර්තා වී ඇත. අනෙක් වර්ෂවල ආර්ථික වර්ධන අනුපාතය 0.2% (1971 දී) සිට 8.3% (1968 සහ 2011) අතර ඉහළ පරාසයක වාර්තා වී ඇත. 1951 සිට 2012 දක්වා කාල පරිච්ඡේදය තුළ සාමාන්‍ය ආර්ථික වර්ධන අනුපාතය 4.5% ක් වුව ද, මෙම කාල පරිච්ඡේදය තුළ වර්ධන අනුපාතය වැඩි වශයෙන් 2% සිට 6% අතර පැවැතින. දශක සාමාන්‍යය ලෙස ගතහොත් 3.1% සිට 5.2% දක්වා වෙයි. 2010 සහ 2011 වර්ෂවල ඉහළ වර්ධන අනුපාත මට්ටමක් වන 8% සහ 8.2% දක්වා ශීඝ්‍ර ඉහළ යාමක් සිදුවිය. 2009 වර්ෂය (3.5% ක වර්ධනය) හැර පසුගිය පස් වසර තුළ ආර්ථික වර්ධනය 6% සිට 8% අතර සාපේක්ෂව ඉහළ මට්ටමක පැවැතින.
ආර්ථික වර්ධන අනුපාතය
දශකය/වර්ෂය
ආර්ථික වර්ධන අනුපාතය (%)
1950 දශකය
3.1
1960 දශකය
4.7
1970 දශකය
3.9
1980 දශකය
4.2
1990 දශකය
5.2
2000 දශකය
5.0
2006
7.7
2007
6.8
2008
6.0
2009
3.5
2010
8.0
2011
8.2
2012
6.4
ආර්ථික වර්ධනයේ මට්ටම හෝ වෙනස්වීම් පිළිබඳව විශ්ලේෂණයක දී ආර්ථික ප්‍රතිපත්ති, ලෝක ආර්ථිකය සහ දේශීය ආර්ථික, දේශගුණික හා දේශපාලනික පරිසරය සම්බන්ධ සාධක සැලකිල්ලට ගත යුතුය. පසුගිය දශක තුනක පමණ කාලය තුළ ඉහළ මට්ටමක ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට අපහසු වූයේ රටේ පැවැති දේශපාලනික අස්ථාවරත්වය නිසාය. උතුරු නැගෙනහිර වෙන ම රටක් ලබා ගැනීම සඳහා ත්‍රස්තවාදී ව්‍යාපාර විසින් කරන ලද යුද්ධය මීට ප්‍රධාන වශයෙන් හේතු විය.
එම යුද්ධය 2009 වර්ෂයේ අවසන්වීම නිසා 2010 සහ 2011 වර්ෂවල ආර්ථික වර්ධන අනුපාතය සැලකිය යුතු ඉහළ මට්ටමකට වැඩි විය. 1977 පමණ කාලය තෙක් ආවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කල නිසා අඩු වර්ධන මට්ටමක් පැවැති බවට අදහස් දැක්වෙයි. එකල, රජයේ ආර්ථික පාලන ප්‍රතිපත්ති අනුගමනය කල නිසා පෞද්ගලික අංශයේ ආර්ථික කටයුතු දියුණු නොවීමත්, ජාත්‍යන්තර වෙළෙඳාම සහ ප්‍රාග්ධනය දැඩිව පාලනය කිරීම නිසා ගෝලීයකරණයේ යහපත් ආර්ථික වාසි ලබා ගැනීමට නොහැකිවීමත් මීට මූලික හේතු විය.
1977 නොවැම්බර් සිට නිදහස් ආර්ථික ප්‍රතිපත්ති (Liberalized Economic Policies) හඳුන්වා දීමත් සමඟ ආර්ථික වර්ධන අනුපාතය ඉහළ ගිය ද, බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය 1983 සිට වැඩිවීම නිසා ආර්ථික කටයුතු ස්ථායීව පවත්වා ගැනීමට අපොහොසත් විය. 2009 මැද භාගයේ මෙම යුද්ධය රජය විසින් ජයගැනීමත් සමඟ කඩිනම් තිරසාර ආර්ථික පුනරුදයක් සඳහා දැනට ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් පවතී.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමටත්, ඒ අනුව 2016 වන විට ඒකපුද්ගල ආදායම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 4,000 දක්වා දෙගුණ කිරීමට හැකි වන පරිදි ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමටත්, ප්‍රතිපත්ති ප්‍රකාශනයන් රජය විසින් ඉදිරිපත් කොට ඇත.
මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් වන පී. සමරසිරි මහතා විසින් ආර්ථික විද්‍යා සිසුන්ගේ මූලික අවබෝධය වර්ධනය කිරීම සඳහා රචිත ලිපියකින් උපුටා ගත්තකි.
http://randora.lk/index.php/lead-article/item/2741