මේ අනුව, මෙම මාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙතින් තාක්ෂණික හා මූල්‍ය යෝජනා කැඳවීමට තීරණය කර ඇතැයි රජය කියයි.
මේ සඳහා වැයවන රුපියල් බිලියන 150 ක මුදල දේශීය බැංකු වලින් ලබාගැනීමට හැකිවන පරිදි භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීමට රජය සැලසම් කර ඇත.
මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදලකින් මාර්ග කිලෝ මීටර් 663 ක්ද විදේශ ආධාර ලබාගෙන තවත් කිලෝ මීටර් 358 ක්ද පුනරුත්ථාපනය කර තිබෙන බව රජය සඳහන් කරයි.
REF-vimasuma.com