Becks beer සහ Fosters හි දේශිය නියෝජ්යත්වයද කාර්ගිල්ස් විසින් කලක සිට දරනු ලබයි.
කාර්ගිල්ස් ෆුඩ් සිටි වෙළෙඳ ජාලයේ අලෙවි කරන එකම බියර් වර්ගය බවටද සාපේක්ෂව මිලෙන් අඩු මෙම 3 Coins’ පත්ව තිබිණි.
මේ වන වට මොවුනගේ ප්රමුඛතම ප්රතිවාදියා ලෙස අර්පණ ඉදිරිපත් කර ඇති Lion Brewery විසින් මෙරට බියර් වෙළෙඳාමේ 82% අයිතියකට හිමිකම් කියමින් බියර් වර්ග 07 ක් එනම්, Lion Lager, Carlsberg, Carlsberg Special Brew, Lion Stout, Strong Beer, Corona & Somersby වෙළෙඳ පොළට නිකුත් කරයි.
ප්රකට ව්යාපාරික හැරී ජයවර්ධන පාර්ශවයට අයත් Distilleries Company of Sri Lanka PLC අරක්කු වෙළෙදාමේ මෙරට ප්රමුඛයා වුවත් ඔවුන් බියර් වෙළෙදාමේ මේ වන විට කටයුතු නොකරයි.
වාර්ෂික රුපියල් බිලියන 8-10 අතර වෙළෙඳ පොළ පිරිවැටුමක් මෙරට බීර වෙළදාමේ ඇතත් මෙය බදු අයකිරිම අතින් ඉහළ අගයක්ද ගනි.යුද්ධයෙන් පසු ඇති වු සංචාරක පුනරුධය තුළ මෙම කර්මාන්තයේ ප්රගතියක් කාර්ගිල්ස් කලින් අපේක්ෂා කර තිබිණි.