Sri Lanka Shippers' Council වාර්ෂික මහ සභාව අමතමින් පසුගිය සිකුරුදා 27 දා සවස කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදි මේ බව සදහන් කරමින් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ,මුල්‍ය ප්‍රතිපත්තියේ හා මුල්‍ය ස්ථාවරත්වයේ මේ පෙන්වන යහපත් ප්රවනතාවය නිසා මහ බැංකු අධිපතිවරයාට තමා මහ බැංකු අධිපති වරයා බව නොපැකිලිව ලොවට හඩ නගා කිව හැකි බවයි.
අපි දැන් ඉන්නේ ස්ථාවර ආර්ථීක වර්ධන මාවතක,ස්ථාවර විනිමය අනුපාතික තත්ත්වයක් මත සියළු ආර්ථීක නිර්ණායකයන් යහතින් සිදුවන වටා පිටාවකයි.
අපේ කිසිදු බැංකුවක් කඩා වැටි නැහැ.විචල්‍ය විනිමය අනුපාතික ක්රමවෙිදයක් තිබෙනවා.විදේශ විනිමය අනුපාතිකය මේ අනුව ස්ථාවරයි.මේ විචල්‍ය විනිමය අනුපාතික තත්ත්වය පුරෝකතනය කළ හැකි තත්ත්වයකැයි ඇත්තේ.මේ නිසා මේ ගැන බිය වන්න දෙයක් නැහැ.
අපේ,විදේශ සංචිත වත්මනෙහි වන ඩොලර් බිලියන 9 සිමාන පසුකර ඩොලර් 10 සිමාවට ළගා වෙමින් ඇත්තේ .