මෙහි කොටස් මිලියන 108.2 ක් හෙවත් සියයට 42.9 ක් ඇඩම් ඉන්වෙස්ට්මන්ට් සතු වු තත්ත්වය තුළ සෙසු කොටස් ,කොටසක් රුපියල් 02 බැගින් මිළදි ගැනිම සඳහා ඔවුන් අනිවාර්ය අර්පණයක් නිකුත් කර ඇති පසුබිමක ඔවුන්ට සම්බන්ධතාවයක් ඇති බව කියන Redington Global (Private) Limited නම් සමාගම PCH හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 27.2 ක් අද මිළදි ගනිමින් එහි සියයට 17.9 ක හිමිකමක් අත්පත් කර ගැනිමත් සමගම මෙලෙස ඇඩම් ඉන්වෙස්ටිමන්ටිස් හි PCH හෝල්ඩිංග්ස් වල සෘජු හා වක්‍රව සියයට 60.8 ඉක්මවන බවද ඔවුහු කියා සිටියහ.
මේ වන විට අර්බුදයකට ලක් ව ඇති PC House ව්‍යාපාරික ජාලයේ මුලාරම්භක S.H.M. Rishan සතු Dynaris Holdings සතුව තිබු PCH හෝල්ඩිංග්ස් හි කොටස් සමගින් ප්‍රකට ආයෝජක ට්.සෙන්තිල්වෙල් සතුව තිබු PCH හෝල්ඩිංග්ස් හි කොටස් සමගින් PCH හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 122.1 ක් අද සාමාන්‍ය පුවරුවේ හුවමාරු වු අතර එසේ හුවමාරු වු මිළ වුයේ කොටසක් රුපියල් 2.50-3.40 අතර බව තැරුවිකාරුවෝ රන්දොරට කීහ. දිනයේ පිරිවැටුමට වැඩ්ම රුපියල් මිලියන 325.6 ක දායකත්වය මෙම සමාගම අද ලබා දි තිබිණි.
කොටසක් සදහා රුපියල් 02 ක අනිවාර්ය අර්පණයක් ලබා දි ඇති පසුබිමක ඇඩම් ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධයක් ඇති බව කියන තවත් සමාගමක් මෙලෙස වැඩි මිලට කොටස් මිළට ගැනිම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා Take-overs and Mergers Code 1995, (as amended in 2003) උල්ලංඝනය කිරිමක්දැයි විමර්ශණය කළ යුතු බවද තැරුවිකරුවෝ හා PCH හෝල්ඩිංග්ස් සුළු කොටස් කාර ප්‍රජාවේ සක්‍රිය සාමාජිකයෝ තර්ක කරති.
මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා ගැනිමට රන්දොර දුරකතනයෙන් ඇඩම් ඉන්වෙස්ට්මන්ට් පාර්ශ්වය සම්බන්ධ කිරිමට උත්සාහ ගත්තද එය සාර්ථක නොවිය.නමුත් එහි අධ්යක්ෂ ගෝවින්දසාම් රමණන් කියා සිටියේ තමන් මෙවැනි ගණු-දෙනුවක් ගැන දැනුවත් වි නැති බවයි.ඉදිරියේදි මෙම ගණු-දෙනුව ගැන ඔවුනගේ නිවැරදි ස්ථාවරය අප යහපත් කොටස් වෙළෙඳ පොළක් වෙනුවෙන් කැප වි සිටින පාඨක ඔබ වෙනුවෙන් බලාපොරොත්තු ව සිටිමු.
PCH හෝල්ඩිංග්ස් ලයිස්තුගත සමාගමේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයකට පැටලි සිටින ඇඩම් ඉන්වෙස්ට්මන්ට් පාර්ශ්වය හා මොහොමඩ් රිෂාන් පාර්ශ්වය අදාල ගැටළු සුහද තාවයෙන් යුතුව විසදා ගැනිමට මේ වන විට යොමුව ඇතැයි අදාල සමාගම් වල ප්‍රකාශකයෝ රන්දොරට සැල කර සිටින බව අප මුල් වරට ඊයේ රටට හෙළි කර සිටියෙමු.
PCH Holdings Ltd (PCHH.N0000:CSE) හි කොටස් මිලියන 108.2 ක් හෙවත් සියයට 42.9 ක් අයිතිය නතු කර ගනිමින් මේ වන විට අනිවාර්ය අර්පණයක් නිකුත් කර ඇති ඇඩම් ඉන්වෙස්ට්මන්ට් පාර්ශ්වය තමන්ගේ අපේක්ෂිත සියයට 50 ට වැඩ් පාලන බලය නතු කර ගැනිමට නම් අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවට මේ ආකාරයෙන් සුහදශිලි විසදුමකට යා යුතු බව ඔවුනගේ ව්‍යාපාරික කටයුතු වල සෙසු පාර්ශ්වය කරුවන් දිගින් දිගටම අවධාරණය කිරිමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සුහදශිලි පිළිවෙතකට දෙපාර්ශ්වය යොමුව ඇතැයි අප වාර්තා කළ අතර එම පුවත පළ වි පැය කිහිපයක් යාමට මත්තෙන් LOLC මුදල් සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනය කළේ ස්වකිය වත්කම් බැහැර කිරිමට එරෙහිව කොළඹ සිවිල් මහාධිකරණයේ LANKA ORIX FINANCE PLC(LOFC.N0000)විසින් ලබා ගෙන තිබු අදාල අධිකරණ නියෝගයට අදාල කරුණු මේ වන විට සමථයකට පත්ව ඇති බවයි.
අද නිවේදනය ඊයේ සිදු කර පැය 24 ක් ගත විමටත් මත්තෙන් අද උදැසන කොටස් වෙළෙඳ පොළ ගණු-දෙනු සදහා විවෘත වු මොහොතේ සිට පැය කිහිපයක් ඇතුළත PCH හෝල්ඩිංග්ස් කොටස් මිලියන 100 ඉක්මවා ගණු-දෙනු වෙනු දක්නට ලැබිණි.
මොහොමඩ් රිෂාන් හා ඇඩම් ඉන්වෙස්ටිමන්ටිස් අතර ඇති වු සමගි සන්ධානයේ ගිවිසුම් පරිදි අනිවාර්ය අර්පණ මිළ ඉක්මවා ලු වාසි සහගත මිළකට ඇඩම් ඉන්වෙස්ටිමන්ට් සබදතා ඇති පාර්ශ්වය මොහොමඩ් රිෂාන් සතු මෙහි කොටස් මිළදි ගන්නට ඇති බවද මේ අතරේ මධ්‍යස්ථ විචාරකයෝ තර්ක කරති.
ඉදිරියේදි මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් සිදු කරන බව නියාමන බලධරයෝ PCH හෝල්ඩිංග්ස් සුළු කොටස් හිමියන්ට පවසා ඇති බවද දැන ගන්නට ඇත.