කොළඹ කොටස් වෙළඳපොලේ විවිධාංගීකරණ සමාගම් යටතේ ඇඩම් ඉන්වෙස්මන්ට්ස් සමාගම වර්ගීකරණය කර තිබෙනවා. වෙළඳපොළ ගණුදෙනුවල සුවිශේෂී සටහනක් තබමින් සමාගමේ ආරම්භක කොටස් නිකුතුව අවසන්වීමද විශේෂත්වයක්. එහිදී කොටසක් රුපියල් 03 බැගින් වූ කොටස් මිලියන 133.3 ක් රුපියල් මිලියන 400 කට නියමිත දිනට පෙර විකිණී අවසන් වුණා. ඒ අනුව කොටස් මිලියන 449 යි දශම 9 ක් කොළඹ කොටස් හුවමාරුවේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීමට සමාගමට අවසර ලැබෙනවා.
ඇඩම් ඉන්වෙස්මන්ට්ස් සමාගම දැනට ප්රසිද්ධ සමාගම් රැසක ප්රාග්ධන අයිතිය හොබවන සමාගමක්. ඔරියන්ට් ගාමන්ට්ස්, සිලෝන් ඇන්ඞ් ෆොරින් ටේ්රඞ්ස්, පී.සී. හවුස් හෝ්ල්ඩින්ග්ස් ඉන් කිහිපයක්. ඊට අමතරව මෙම සමාගමට බහුතර කොටස් හිමි පුද්ගලික සමාගම් රැසක් ද පවතිනවා.