www.randora.lk 14/10/14)- මුදල් සමාගම් ඒකබද්ධ කරණය යටතේ මේ වන විට කිසිදු ආයෝජකයෙකු විසින් ආයෝජනය කිරිමට උනන්දුව දක්වා නැතැයි කියන Kanrich Finance Limited ස්වකිය ප්‍රාග්ධනය තර කිරිමේ ක්‍රියාමාර්ගය නීති විරෝධි අයුරින් මෙරට අහිංසක ජනතාව මත පටවා ඇතැයි එහි ගනු-දෙනු කරුවෝ රන්දොරට ප්‍රකාශ කර සිටියහ.
"අපි දන්න විදියට මේ සමාගම ට ආයෝජනය කරන්න කවුරුවත් ඉදිරිපත් වි නැහැ.මේ නිසා මේ අය මහ බැංකුව සතුටු කරන්න දැන් කොටස් නිකුතුවක් සිදු කරමින් පවතිනවා.ඒ කොටසක් රුපියල් 20 බැගින් කොටස් මිලියන 20 ක් නිකුත් කරමින්."
"මෙහි ලස්සන වැඩේ කියන්නේ,මේ නිකුත් කරන කොටස් වෙනුවෙන් සියයට 15 ක පොලියකුත් ගෙවිමයි.මෙම පොලියත් ලැබෙන්නේ වසර 03 ක් එහි ආයෝජනය කළහොත් විතරයි."
අවවාදයයි
මේ වන විට පවත්නා භාණ්ඩාගාර බිල්පත් අනුපාත අනුව මහ බැංකුව මුදල් සමාගම් සදහා නියම කළ උපරිම ස්ථාවර තැන්පතු පොලි අනුපාත අනුව සලකා බලන කලද වසරකට අඩු තැන්පතු සදහා සියයට 11.01 කද වසර 1-3 අතර සියයට 12.01 කද වසර 3-5 අතර සියයට 13.06 කද වන සීමා අනුව සලකා බැලිමේදි මෙසේ මොවුන් ලබා දිමට යන සියයට 15 ක ඉහළ අනුපාතය මහ බැංකුවේ විධි විධාන උල්ලංඝනය කිරිමක් බැවින් එවැනි අනුපාත කෙරෙහි නොරැවටෙන ලෙස මේ අතරේ මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් රන්දොරට කීය.මෙම සමාගම කෙරෙහි මහ බැංකුවේ විශේෂ අවධානය යොමු කර ඇති බවත් සදහන් කළේය.
එසේම මෙය පුද්ගලික කොටස් නිකුතුවක් ලෙස සිදු කරන ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් නිකුතුවක් බැවින් එයට සමාගමේ ලාභ මත පදනම්ව ලාභාංශ හිමිකම් ලබා දිමක් විනා පොලියක් ගෙවන්නේ කෙසේද යන්නද ප්‍රශ්ණකාරිය.
පුද්ගලික කොටස් නිකුතුවක් ලෙස මෙම කොටස් නිකුතුව සිදු කරන බව ප්‍රකාශ වුවද මුදල් සමාගම් සදහා ණය ශ්‍රේණිගත කිරිමක් අනිවාර්ය වි ඇති පසුබිමක මෙම නිකුතුවේ කිසිදු ලියවිල්ලක තම සමාගමේ ණය ශ්‍රේණිගත කිරිම ඔවුන් ප්‍රසිද්ධ කරද නැත.
"ඒ මදිවට මේ අය ස්වකිය කොටස් නිකුතු පත්‍රිකා වල සටහන් කර තිබෙනවා, මහ බැංකුවේ A වර්ගීකරණය යටතේ වු මුදල් සමාගමක් බවට පත් විමේ අරමුණින් මෙම අරමුදල් රැස් කිරිම සිදු කරන බවයි."
"අපි දන්න විදියට මේ කොටස් නිකුතුව මහ බැංකුව අනුමත කර ඇතත්,මේ පොලි ගෙවිල්ල නීති විරෝධියි." යැයි මෙම පිරිස් කියා සිටියහ.
වසර 03 ක ස්ථාවර තැන්පතු පදනම් කර ගත් ක්‍රමවේදයක් යටතේ සියයට 15 ක පොලියක්ද ලබා දෙමින් රුපියල් මිලියන 400 ක් රැස් කිරිම සදහා මේ වන විට අදාල සමාගම කටයුතු කරමින් යන ක්‍රියාමාර්ගය පිළිබඳව රන්දොර මහ බැංකුවෙන් කළ විමසිමකදි පවසා සිටියේ කොටස් නිකුතුවක් සිදුවන බව දන්නා නමුත් මේ ආකාරයෙන් පොලි ලබා දිමක් ගැන පසුව විමර්ශණය කර පිළිතුරක් ලබා දෙන බවයි.
Kanrich FINANCE පසුගිය දිනවල දැඩ් ද්‍රවශිල අර්බුදයන්ටද මුහුණ දුන් අතර මේ නිසා මෙයට එරෙහිව තැන්පතු කරුවෝ දැඩ් උද්ඝෝෂණයකද නිරත වුහ.
sad
Kanrich Finance ට රන්දොර දුන් දුරකතන ඇමතුමකට පිළිතුරු දුන් එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු පවසා සිටියේ අදාල කොටස් ආයෝජනය වසර 03 කට පසු සිදුවන කොටස් 'BUYBACK' එකක් ආකාරයෙන් සිදුවන බවත් අදාල සියයට 15 පොලිය හා ආයෝජනයේ සුරක්ෂිත බව වෙනුවෙන් මෙහි ප්‍රධාන කොටස් කරු වන Mutual Holdings Limited විසින් නීතිමය සහතිකයක් නිකුත් කරන බවයි.sad
මේ නිසා අදාල ආයෝජකයින් නගන චෝදනා පදනම් විරහිත බවද ඔහු කීය.
මේ පිළිබඳව මහ බැංකුවේ නිල ස්ථාවරය අප ඉදිරියේදි දක්වන්නෙමු.
අදාල ලියකියවිලි පහතින් .මේවායේ පොලියක් ගෙවන බවට සදහනක් නැත.