NO government funding,NO corporate funding,NO advertising,NO STRINGS Just Subscribe our SMS
මේ වගේ අපක්ෂපාති ව්‍යාපාරික විත්ති සියල්ලට පළමු එසැණින් දැන ගන්න අපේ ඩයලොග් sms ඉංග්‍රීසි පුවත් හා එක් වන්න.ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG randora ලෙස ටයිප් කර 77100 ට SMS කරන්න.මසකට රුපියල් 30 යි
මේ වන විට ඩොලර් මිලියන 200 ක පමණ මුදලකට එටිසලාට් ලංකා සමාගම විකුණා දැමීමට අදාල ඩුබායි හිමිකාර පාර්ශව ලංසු ඉදිරිපත් කර ඇති බවද මෙම ආරංච් මාර්ග කීය.
හාන්ස් විජේසුරිය මහතා පසුගියදා ඩුබායි හි මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා.ඒ අනුව අදාල පුර්ව විමර්ශනයක් සිදු කිරිමට අවබෝධතා ගිවිසුමකට එළඹ් බවත් මේ වාර්තා කියනවා යැයි සිංගප්පුරුව පදනම් කර ගත් විදේශ ආයෝජන බැංකු කරුවෙකු රන්දොරට කීය .
මේ වන විට මෙරට ජංගම දුරකතන වෙළෙ පොලේ සියයට 40 ක පංගුවක් ඩයලොග් සතුවද තවත් සියයට 20 ක් එටිසලාට් සතුවත් ඇත.යමි හෙයකින් මෙම ඒකාබද්ධ විම් සිදු වුවහොත් එය ජංගම දුරකතන වෙළෙද පොල ඒකාධ්කාරියකට පාර කැපිමක් බව පවසන විශ්ලේෂකයෝ එයට ගැලවිමක් වශයෙන් මොබිටෙල් හා හච් ඒකාබද්ධ විමේ අවශ්‍යතාවයද පෙන්වා දේ.
පසුගියදා එට්සලාට් විසින් එයාර් ටෙල් මිලදි ගන්නා බවට අරාබි මාධ්‍ය වාර්තා කළේ මෙම ඩයලොග් ගනු-දෙනුව පිළිබඳව වන අවධානය වෙනතකට යැවිම සදහා බවද මෙම ආයෝජන බැංකු විශ්ලේෂකයෝ පවසති.කෙසේවෙතත්,මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එටිසලාට් ලංකා පවසා සිටියේ තම සමාගම තවදුරටත් මෙරට ව්‍යාපාරික පංගුව වැඩිදියුණු කිරිම වෙනුවෙන් ආයෝජනය කරන බවයි.
ඩයලොග් ඊසි කැෂ් (eZ Cash) සේවාව එට්සලාට් හා එක්ව මිලියන 12.7 ක් නැතිනම් ලක් ජනගහණයෙන් සියයට 60 කට මුල් වරට ඒකාබද්ධ සේවා දියත් කරමින් ලෝක ඉතිහාසයට එක් වු බව මෙම සමාගම් ද්විත්වය පසුගියදා ප්‍රකාශ කළේය.
පසුගිය 2012 වසරේදි ඩොලර් මිලියන 34 කට සන්ටෙල් ඩයලොග් අත්පත් කර ගත්තේය.
ලංකාවේ මුල්ම ජංගම දුරකතන සේවාව වන සෙල්ටෙල් පසුව අත්පත් කර ගත් Millicom International Cellular (MIC) සමාගම ස්වකිය මෙහෙයුම් Tigo (Private) Limited හරහා සිදු කරමින් පවතිද්දි ඩොලර් මිලියන 155 කට පසුව එය 2012 දි ඩුබායි හි එටිසලාට් වෙත විකුණා දැම්ය.
ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකතන ග්රාහක ජාලය හිමි Dialog Axiata හි ණය ශ්‍රේණිය ඉහළම 'AAA(lka)'/ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ෆීචි රේටිං විසින් ඇගැයුමක් ලබා දි ඇත.
ස්වකිය මව් සමාගම වන මැලේසියාවේ Axiata Group Berhad (Axiata) විසින් ලැබෙන සහාය සහ අවශ්‍ය අවස්ථාවලදි මුල්‍යමය දායකත්වය එයට සැපයිමට හැකි හැකියාව මෙහිදි සැලකිල්ලට ගෙන ඇත.මෙවැනි හදිසි මුල්‍යාධාර ඉතිහාසය පුරාවට මව් සමාගම විසින් ලබා දි ඇති බව කියන ෆීච් එකම Axiata සන්නම් නාමයක් හා ණය ගැති ප්‍රමානයක් මවි සමාගම හා ලංකා ආශ්‍රීත ඩයලොග් විසින් භාවිතා කිරිම නිසා Axiata කිර්තිනාමය ආරක්ෂා කිරිමට මවි සමාගම හැකි උපරිම පියවර ගැනිමද ධනාත්මකව ෆීචි දකි.
මෙය ශුද්ධ තොලනය 2.0x අඩු විමත් පොලි,බදු,ක්ෂය,ක්රමක්ෂය සහ කුලි වලින් පසු ඉපයුම් ආන්තිකය සියයට 30 ඉක්මවිම මෙන්ම ජංගම දුරකතන හා pay-TV හි සමාගමේ වෙළෙඳ පොල ප්‍රමුඛයා විම ධනාත්මක සාධක ලෙස ෆීචි දකි.
මේ අතරේ දුරකතන සමාගම් අතරේ සිදු විය හැකි ඒකාබද්ධතාවයන්ගේ වාසිද ධනාත්මක සාධක ලෙස ෆීච් දකි.
මිලියන 21 ක ජනගහණයක් සිටින ලංකාවේ මේ වන විට ජංගම දුරකතන සමාගම් 05 ක් සැරිසරන අතර පවත්නා මෙම තරඟකාරිත්වය හමුවේ මෙම අංශයේ ඒකාබද්ධ විමි සිදු විම අනිවාර්ය බව සදහන්ය.
ලොව ජංගම දුරකතන වෙළෙද පොල 12 වැනියා වන Etisalat මේ වන විට රටවල් 19 ක සිය මෙහෙයුම් දියත් කර ඇත.ඒ අතරේ Middle East, Africa සහ Asia කලාපයේ ග්‍රාහකයින් මිලියන 182 ක් ඔවුන් සතු කර ගෙන ඇත.
Indonesia’s XL Axiata හි මොවුන් සතුව තිබු සියයට 9.1 ක අයිතිය පසුගියදා ඩොලර් මිලියන 509 කට විකුණා දැමු අතරේ ප්‍රංශයේ Vivendi සියයට 53 ක අයිතිය ඩොලර් බිලියන 5.3 කට මිලදි ගත්තේය.
මේ වන විට Hutch ද දේශිය මෙහෙයුම් විකිණිම සදහා සුදුසු ආයෝජකයෙකු සොයමින් සිටි. Bharti Airtel සතුව මේ වන විට සියයට 7 ක පංගුවක් ඇති බව සදහන්ය.