මේ වන විට Bharti Airtel ඇතුළු ජාත්‍යන්තර ජංගම දුරකතන සමාගම් කිහිපයක් සමගම මොවුන් සාකච්ඡා පවත්වමින් සිටින බව මෙම වාර්තා කියයි.
මිලියන 21 ක ජනගහණයක් සිටින ලංකාවේ මේ වන විට ජංගම දුරකතන සමාගම් 05 ක් සැරිසරන අතර පවත්නා මෙම තරඟකාරිත්වය හමුවේ මෙම අංශයේ ඒකාබද්ධ විමි සිදු විම අනිවාර්ය බව ද මෙහි සදහන්ය.
Millicom International Cellular සතුව තිබු මෙරට Tigo සමාගම ඩොලර් මිලියන 155 කට අත්පත් කර ගනිමින් මෙරට ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ Etisalat 2012 අවසනදි සියයට 21 ක වෙළෙඳ පොල කොටසක් අත්පත් කර ගෙන තිබිණි.
Bharti Airtel සතුව මේ වන විට සියයට 7 ක පංගුවක් ඇති බව සදහන්ය.
ලොව ජංගම දුරකතන වෙළෙද පොල 12 වැනියා වන Etisalat මේ වන විට රටවල් 19 ක සිය මෙහෙයුම් දියත් කර ඇත.ඒ අතරේ Middle East, Africa සහ Asia කලාපයේ ග්‍රාහකයින් මිලියන 182 ක් ඔවුන් සතු කර ගෙන ඇත.
Indonesia’s XL Axiata හි මොවුන් සතුව තිබු සියයට 9.1 ක අයිතිය පසුගියදා ඩොලර් මිලියන 509 කට විකුණා දැමු අතරේ ප්‍රංශයේ Vivendi සියයට 53 ක අයිතිය ඩොලර් බිලියන 5.3 කට මිලදි ගත්තේය.
මේ වන විට Hutch ද දේශිය මෙහෙයුම් විකිණිම සදහා සුදුසු ආයෝජකයෙකු සොයමින් සිටි.