මේ නිසා රුපියල් 210 මට්ටමේ මෙහි කොටස් මැදි හා දිගු කාලින පදනමින් මිලදි ගැනිම වඩාත් සුදුසු බව නිර්දේශ කරයි.
පසුගියදා මෙහි නිකුත් වු සැප්තැම්බර් කාර්තුවේ ගිණුම් වාර්තා විග්රහ කරමින් මෙම නිගමනයට එන කැප්ටල් එලායන්ස් කොටස් තැරුවිකාර සමාගම වැඩිදුරටත් පවසන්නේ 2014/15 මුල්‍ය වර්ෂයේ මුල් මාස 06 තුල මෙහි කොටසක ඉපයුම රුපියල් 4.84 ක් වි ඇත්තේ (c.+16% YoY ) ප්‍රධාන කොටම ස්වකිය හිමිකම් නිකුතුවේ අරමුදල් ආයෝජනය කරමින් ඉපයු රුපියල් මිලියන 670 ක පොලි ආදායම් සහ රුපියල් මිලියන 395 ක කොටස් ආයෝජන විකිණිමෙන් ලද ආදායම් මත පදනම්ව බවයි.
මෙම තත්ත්වය අනුව ඉහත සදහන් අදාල ආදායම් දෙක හැරුණු කල ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි එදිනෙදා සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු ආශ්‍රීත අනිකුත් ආදායම් පදනම් කර මෙහි කොටසක ඉපයුම සැලකිමේදි එය රුපියල් 3.77 (c.-9.6%YoY) ක් වන බව කැප්ටල් එලායන්ස් තක්සේරු කරයි.
මේ අනුව 2016 මුල්‍ය වර්ෂයේ මෙහි කොටසක ඉපයුම නොවෙනස් මට්ටමක පැවතිය හැකි බවත් ඒ සදහා අදාල හිමිකම් නිකුතුවේ මුදල් ජොන් කීල්ස් හි නව ව්‍යාපෘතිය වෙනුවෙන් යෙදවිමට සිදු විම (රුපියල් බිලියන 15-20 අතර මුදලක් මේ සදහා පවත්නා මුල්‍ය වර්ෂයේ යොදවනු ඇතැවි විශ්වාශ කෙරේ) නිසා මෙතෙක් ලද ආයෝජන ආදායම් අහිමිවිම බලපාන බවත් කැප්ටල් එලායන්ස් පුරෝකතනය කරයි.
කෙසේවෙතත්, 2014/15 මුල්‍ය වර්ෂයේ මෙම හිමිකම් නිකුතුවේ මුදල් ආයෝජන තුලින් රුපියල් බිලියන 1.2 ක පමණ ආදායමක් ජෝන් කීල්ස් ලබන බවද සදහන්ය.මෙම හිමිකම් ආයෝජන හා ප්‍රාග්ධන ලාභ හැර 2014/15 මුල්‍ය වර්ෂයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටසක ඉපයුම රුපියල් 10.7 (c.-10% YoY) කි විය හැකි බවද අපේක්ෂාවයි.
මෙහි දේපොල වෙළෙඳ අංශයේ ආදායම් තම අපේක්ෂාව පරිදිම රුපියල් බිලියන 4.7 ක මට්ටමේ මේ 2014/15 ප්‍රවර්තන මුල්‍ය වර්ෂයේ පවතින බව කැප්ටල් එලායන්ස් පවසන අතරේ මේ සදහා 7TH SENSE ව්‍යාපෘතියේ ආදායම්ද (මහල් නිවාස 30 ක් මෙම විකුණුම් ආදායම් වලින් අපේක්ෂා කෙරේ) ඇතුළත් බව පවසයි.මෙය සියයට 4.7 ක ආදායම් වර්ධන අපේක්ෂාවකි.
ප්‍රවාහන අංශයේ ඉදිරි ආදායම් වර්ධනයක් මෙම පර්යේෂණ වාර්තාව මගින් අපේක්ෂා නොකරන අතරේ මෙම 2015 මුල්‍ය වර්ෂයේ එහි සියයට 04 ක පමණ ආදායම් පහළ යාමක්ද අපේක්ෂා කරයි.
මේ මත පදනම්ව රුපියල් 152 ක අගයක් ජෝන් කීල්ස් කොටසක් සදහා ලබා දෙන කැප්ටල් එලායන්ස් යෝජිත වෝටර් ෆන්ට් ප්රෝපටිස් ව්‍යාපෘතියේ තක්සේරුගත අගයන් සමගින් තවත් රුපියල් 40 ක් එයට එකතු කර රුපියල් 192 ක කොටසක අගයක් මේ අනුව ජෝන් කීල්ස් වෙත ලබා දි ඇත.
විවිධ ඉන්ධන මිල අඩු කිරිම් නිසා සාමාන්‍ය ගෘහයක ඉතුරුම් රුපියල් 2000 කින් පමණ ඉහළ යාමත් පුද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ අවම වැටුප් හා දීමනා ඉහළ යාමත් පදනම් කර සමුහයේ පාරිගෝගික සේවා හා සිල්ලර වෙළෙඳ අංශයේ අදායම් ප්‍රවර්තන මුල්‍ය වර්ෂයේ සියයට 12 කින් ඉහළ යමින් රුපියල් බිලියන 29 ක් වේවි යැයිද කැපිටල් ඒලායන්ස් අපේක්ෂාවයි.
කොළඹ කොටස් වෙළෙඳ පොල අංක එකේ සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩ්ංග්ස් ගෙවුණු සැප්තැම්බර් කාර්තුවේ ශුද්ධ ලාභ සියයට 29 කින් වැඩි කර ගනිමින් රුපියල් බිලියන 2.6 ක දැවැන්ත ලාභයක් වාර්තා කර ගෙන ඇති බව එහි පසුගියදා නිකුත් වු එහි කාර්තුමය ගිණුම් පෙන්වා දේ.
මේ අනුව මෙම කාර්තුවේ කොටසක ඉපයුම රුපියල් 2.67 ක් වි ඇත.
මෙහිදි එදිනෙන් අවසන් වු මුල් මාස 06 ලාභද රුපියල් බිලියන 4.8 දක්වා සියයට 32 කින් වර්ධනය කර ගෙන ඇත.මෙම මාස 06 කොටසක ඉපයුම රුපියල් 4.84 ක් වි ඇත.