ජෝන් කීල්ස් සමාගමට අයත් දේශීය ගුවන් ගමන් කටයුතු සිදුකිරීමට යන සිනමන් එයාර් සමාගම විසින් amphibian Cessna වර්ගයේ ගුවන් යානා දෙකක් ලබාගෙන තිබේ.
මේ බව, සමාගමේ සභාපති සුසන්ත රත්නායක මහතා කොටස් කරුවන්ට දැනුම් දී ඇත.
මෙම ගුවන් සමාගමේ ගුවන් ගමන් කටයුතු මෙම කාර්තුවේදී සිදු කිරීමට සැලසුම් කර ඇතැයි හෙතෙම මෙහිදී සඳහන් කර ඇති අතර මහනුවර, හම්බන්තොට ඇතුළු ගමනාන්ත දක්වා ගුවන් ගමන් සිදුකිරීමට සූදානම් වේ.
රාජ්ය හිමිකාරීත්වයක් සහිත ශ්රී ලංකන් ගුවන් සමාගමද දියමත පාවෙන දේශීය ගුවන් ගමන් සේවයක් ක්රියාත්මක කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=201919614