(13/05/14)- සියෙරා කේබල්ස් හි ගිණුම් වල සිදු ව ඇතැයි, කියන ව්‍යාකූලතා පිළිබඳ නිවේදනය හා දුම්වැටි දවටන වල සියයට 50/60 ක් ආවරණ වන පරිදි මුඛ පිළිකා රූපසටහන් සහිත රූපමය අවවාද ඇතුළත් කිරීමේ අභීයාචානාධිකරණ තීන්දුව හමුවේ අද වෙළෙඳ පොළ යම් තැති ගැම්මකට ලක් වෙමින් ආයෝජකයින් මුළිකව ලාභ නෙලා ගැනිමට (යම් ප්‍රාග්ධන ලාභයක් ලබමින් කොටස් විකුණා දැම්ම)ගත් උත්සාහයන් හමුවේ අද වෙළෙඳ පොළ යම් පසු බැස්මකට ලක් වු බව තැරුවිකරුවෝ පවසති.
නඩු කටයුත්තක් බේරුම් කිරිමේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් හි මාර්තු කාර්තුවේ ලාභ වල සියයට 66 ක ඇද වැටිමද අද විශාල වශයෙන් ටෙලිකොම් කොටස් අගය පහළ යාමට හා සියළු කොටස් මිළ දර්ශකයේ අගය පහළ වැටිමට මුළික විය.
මේ අනුව,සියළු කොටස් මිල දර්ශකය ඒකක 18.20 කින් පහළ ගොස් ඒකක 6,284.96 ක් වෙද්දී එස් ඇන්ඩ් පී 20 මිල දර්ශකය ඒකක 1.92 කින් පහළ ගොස් ඒකක 3,478.99 ක් විය.
දර්ශකයේ පහළ යාමට ,ලංකා දුම්කොළ සමාගමේ කොටසක මිල සියයට 0.9 කින් පහළ ගොස් රුපියල් 1,070 ක්ද බුකිට් ඩාරා කොටසක් සියයට 1.5 කින් පහළ ගොස් රුපියල් 670 ක්ද ට්‍රාන්ස් ඒෂියා කොටසක් සියයට 5.2 කින් පහළ ගොස් රුපියල් 90 ක්ද විම මුළික විය.
දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 758 කි.
අද වාර්තා වු ගිවිසගත් කොටස් ගනුදෙනු අතරේ සෙලින්කෝ රක්ෂණ සමාගමේ කොටස් මිලියන 0.08 ක් එකක් රුපියල් 1250 ක් බැගින්ද, කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 0.25 ක් එකක් රුපියල් 129 ක් බැගින්ද, විය.
වෙළඳ පොළ පිරිවැටුමට වැඩිම දායකත්වය වු රුපියල් මිලියන 148 ක දායකත්වයක් ලබාදුන් නේ පාම් ඔයිල් අංශයේ Shalimar Malay සමාගමයි. මෙම සමාගම ස්වකිය කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත විම ඉවත් කර ගන්නා බවට නිවේදන නිකුත් වි ඇති පසුබිමක මෙහි ප්‍රධාන කොටස් කරුවන් විසින් සුළු කොටස් කරුවන්ගේ කොටස් මිළදි ගනිමින් සිටිම මේ දිනවල දක්නට ලැබෙන්නෙකි.සෙලින්කෝ රක්ෂණ සමාගම රුපියල් මිලියන 106 කින්ද, ධනාත්මක කාර්තුමය ගිණුම් වාර්තා නිකුත් වු කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 54 කින්ද පිරිවැටුමට දායකත්වය දක්වා ඇත.
මේ අතර, පිරමල් ග්ලාස්, පී.සී.එච්. හෝල්ඩින්ග්ස් සහ විදුලංකා යන කොටස් සඳහා අද සුළු පරිමාණ ආකර්ශණයක් සිදු විය.
රුපියල් මිලියන 141 ක් වටිනා ශුද්ධ විදේශ් කොටස් මිලදී ගැනීමක් වාර්තා වු අතරේ දිනයේ ගනුදෙනු සඳහා විදේශිකයින්ගේ සහභාගීත්වය 33% කි.
විදෙස් ආයෝජකයින් ප්‍රධාන වශයෙන් බැංකු අංශයේ කොටස් මිලදී ගන්නා අයුරු දක්නට වු අතරේ මේ අනුව කොමර්ෂල් බැංකුවේ රුපියල් මිලියන 51 කද, ජාතික සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 34 කද, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් මිලියන 33 කද කොටස් මිලදී ගනිද්දී සම්පත් බැංකුවේ රුපියල් මිලියන 13 ක කොටස් විදේශීය ආයෝජකයින් විකුණා ඇතැයි ලංකා සෙකුරිට්ස් සමාගමේ ප්‍රකාශකයෙක් රන්දොරට කීය.
වෙසක් නිවාඩුවෙන් පසු වෙළෙඳ පොළ යළි 16 දා ගනු-දෙනු සදහා විවෘත වේ.
http://www.randora.lk/index.php/lead-article/item/2730-tuesday-markets