අයවැය වැඩිඡන්ද 95කින් සම්මතයි
015 වසරට අදාළ අයවැය තෙවැනිවර කියවීම වැඩි ඡන්ද 95කින් සම්මත වේ.
අයවැයට පක්ෂව ඡන්ද 152 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57 ක්පමණි.
අද(24) දින අයවැයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරන ලද්දේ මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශ කරමින්ය.
එහිදී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය අයවැයටවිරුද්ධව ඡන්දය භාවිත කළේය.
එසේම ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තුමන්තී‍්‍රවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලි චම්පික රණවක මහතාඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටියහ. මේ අතර කරු ජයසූරිය, ලක්‍ෂමන් කිරිඇල්ල, අබ්දුල් හලීම්, ටිරාන් අලස් සහ ජේ.ශ්‍රීරංගා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දින සභාවට පැමිණ සිටියේ නැත.
එමෙන්ම ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වුණු මෛතී‍්‍රපාල සිරිසේන මහතා, රාජිත සේනාරත්න ප‍්‍රමුඛකණ්ඩායමද අයවැය තෙවන වර කියැවීමේ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගී වී නොතිබුණි.
Last edited by NZ BOY on Mon Nov 24, 2014 8:45 pm; edited 3 times in total