මම මේ ෆොරම් එකට අලුත්. මම ගොඩක් දුර පළාතක ඉන්නේ. මමත් මේ ව්‍යාපාරයට එකතු වෙන්න ආසයි. නමුත් ඒ ගැන ඉගෙන ගන්න තැනක් නෑ. මේකේ ඉංග්‍රිසි කොටසේ තියෙන විධියට අධ්‍යයනයකින් තොරව ආයෝජනය කිරීම ගොඩක් අවධානම් බව පේනවා. ඒ නිසා කොටස් මිළ ගනන් විශ්ලේෂණය කර යම් තක්සේරුවකට පැමිණ ආයෝජණය කිරීම සුදුසු බව පෙනෙනවා. නමුත් කොටස් විශ්ලේෂණය කරන ගැඹුරු ක්‍රම පිළිබද අවබෝධයක් මා හට නෑ. PE and EPS ගණනය කිරීම පිළිබද යම් අවබෝධයක් තියෙනවා.නමුත් ඒ සදහා ඔබලා විසින් තොරතුරු ලබා ගන්නා ආකාරය නොදන්නා නිසා මා හට එසේ කිරීමට පුලුවන් කමක් නෑ. ඔබලාට හැකි නම් එම ගණනය කිරීම් හා එම ගණනය කිරීම් වලට අදාල තොරතුරු ලබා ගන්නා ක්‍රම පැහැදිලි කල හොත් මා හටද යම් යම් විශ්ලේෂණ කර මෙහි පල කිරීමෙන් ඔබලාටද යම් උපකාරයක් කල හැක.මෙය කරදරයක් නම් සමාවෙන්න. ස්තූතියි.
කිරී.