43 වැනි අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගය සම්මත වීමේ ක්‍රියාවලියේ පටිපාටිමය (Procedure) වරදක් ඇතැ‘යි පවසමින්, එය හේතු කොටගෙන 44 වැනි අගවිනිසුරුවරයා ලෙස මොහාන් පීරිස් පත් වීම ‘සාවද්‍යයක්‘ බවට ‘හේතුවක්‘ ඉදිරිපත් කරමින්, ඒ අනුව 43 වැනි අගවිනිසුරුවරිය තවමත් ‘අගවිනිසුරු‘ බව පුරවැසි අපට ‘ඒත්තු ගන්වමින්‘ අද (ජනවාරි 28) ශි‘රාණි බණ්ඩාරනායක නෝනා මහත්මිය මල් පොකුරකුත් රැගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට පිවිසෙන අයුරු ‘ප්රවෘත්ති අඩවි‘ වලින් දැක බලාගන්නට ලැබිණි...
එම අගවිනිසුරුවරිය බලයෙන් පහ කිරීමේ දෝෂාභියෝගයට එරෙහිව ගොනු කරනු ලැබූ පෙත්සම් වලට දැන් මේ කියන ‘පටිපාටිමය වරද‘ වරදක් සේ ඇතුළත් කර නොතිබීමත්, සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ බවක් පාර්ලිමේන්තුවේදී එක් වරක් ප්‍රකාශ කර තිබීමත් පමණක්, මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයෙන් පහ කිරීමට හේතුවක් වී ඇති සැටියකි...
අධිකරණ සම්ප්‍රදායන් නොතකමින්, පසුගිය දා සි.අයි.ඩී.ය අගවිනිසුරු මොහාන් පීරිස්ගෙන් සාක්ෂි සටහන් කරගනු ලැබුවේ ‘හිටපු ජනාධිපති රාජපක්ෂ සමග හමුදා කුමන්ත්රණයකින් බලය අත්පත් කරගන්නට සැලසුම් කළා ද නැද්ද‘ යන්න සම්බන්ධයෙනි... අවශ්‍ය වූවා නම් (සහ එය සත්‍ය නම්), එම චෝදනාව යටතේ හෝ දෝෂාභියෝගයකට යටත් කළ හැකිව තිබුණු අගවිනිසුරු මොහාන් පීරිස් අද දින බලයෙන් පහ කෙරුණේ ජනාධිපති සිරිසේනගේ ‘ලියුමකිනි‘...
43 වැනි අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ පටිපාටිමය වරදක් තිබුණේ වුවත්, 44 වැනි අගවිනිසරුවරයා පත් කරීමේ පටිපාටිමය වරදක් තිබුණේ වුවත්, එය සකස් කිරීමේ ක්‍රමවේදය පටිපාටිමය විය යුතුව තිබුණේ, යහපාලනය එය වන නිසා ය...
මේ අතර 43 වැනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක හෙට දින (ජනවාරි 28) සේවයෙන් ඉල්ලා අස් වන බවට ද ප්රවෘත්ති වාර්තා වෙමින් තිබෙන අතර, ඒ අනුව එය දේශපාලන ‘කොන්ත්‍රාත්තුවක්‘ බව තව දුරටත් තහවුරු වෙමින් තිබේ...
සිදුවීම් පෙළගැස්වීමේ උත්ප්රාසාත්මක ආකාරය විග්රහ කරගතයුත්තේ මෙසේ ය...
දේශපාලනික පළිගැනීමක උවමනාවෙන් ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරිය 2012 දී බලයෙන් පහකෙරුණේ පටිපාටිමය වරදක් සහිත ‘දෝෂාභියෝගයකි‘නි...
2015 දී 44 වැනි අගවිනිසුරුවරයා බලයෙන් පහ කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ ලියුමකින් වන අතර ආණ්ඩුව ජනතාවට කියන්නේ 44 වැනි අගවිනිසුරුවරයෙක් ‘සිටි‘ බව ‘නොසලකාහරින‘ ලෙස ය...
එවිට 44 වන අගවිනිසුරුව සිටි මොහාන් පීරිස් දෙවසරක කාලයක් තුළ දුන් තීන්දු සහ අනුමත කිරීම් වල වලංගුභාවය නැති නොකරන නෛතික ප්‍රතිපාදන තිබෙනු වියහැකි නමුත්, එකී තීන්දු සහ අනුමැතියන් දුන් කෙනෙක් නැති විය හැකිය...
ජනාධිපති සිරිසේන ඉදිරියේ හෙට දිවුරුම් දෙන 44 වැනි අගවිනිසුරු කේ.ශ්රීපවන් අනිවාර්යයෙන් ම බිය විය යුතුය... මක් නිසාද යත් ඉදිරියේදී පත්වන අගමැතිවරයෙකු/ජනාධිපතිවරයෙකු හෝ ආණ්ඩුවක් ‘කේ.ශ්‍රීපවන්ගේ පත්කිරීම පත්වීමක් ලෙස නොසලකාහරින්නට‘ ඉඩ ඇති බැවිනි...
යහපාලනයක් යටතේ අගවිනිසුරුවරයෙකු ඉවත් කරන්නේ රාජ්‍ය සංස්ථාවක සභාපතිවරයෙකු ඉවත්කිරීම හා සමාන ක්රියාමාර්ගයකින් වීම අතිශයින් ම ජුගුප්සාජනක වන අතර, මාධ්‍ය, දේශපාලන පක්ෂ, නීති විශාරදයින් හා සිවිල් සංවිධාන ඒ සම්බන්ධයෙන් දක්වන්නා වූ ‘නිහඩ පිළිවෙත‘ ඊටත් වඩා ජුගුප්සාජනක ය...
අපගේ මුල් පිටුවට පැමිණ (https://www.facebook.com/sriavtvnetwork ) දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තම ඔබන්න. අපගේ Page එකට ලයික් කරන්න අමතක කරන්න එපා. අනිකුත් මිතුරන් දැනුවත් කිරීමට Share කරන්න.