සිරිසේන ජනපතිවරයා ඉත්තෙකි ....ඔහු ජනපතිවරණයට ඉදිරිපත්වුනේම ඉත්තෙකු වශයෙනි ,සිරිසේන චන්ද්‍රිකාගේ ,රනිල්ගේ ,මංගලගේ ඇතුළු ජනපතිවරණයේදී එකතු වූ පක්ෂ සහ සංවිධන වල ඉත්තා ය .ඊට අමතරව අසල්වැසි ඉන්දියාව සහ බටහිර රටවල ඉත්තා ය.
සිරිසේන ඉත්තා කර ගනිමින් දේශීය පක්ෂ සහ සංවිධන වලට අවශ්‍ය වුයේ කිසිදිනක තමන්ට පරාජය කල නොහැකි මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කර තමනට බලය ඇල්ලීමය , ඉන්දියාවට අවශ්‍යවූයේ දවසින් දවස ලංකාව තුල ස්ථාපිත වන චීන අධිරාජ්‍ය නවතා දැමීම සදහා චීනයට සහය දෙන රාජපක්ෂ බලයෙන් පහ කර ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික වශයෙන් පස්සට අද දමමින් තමනට අවශ්‍ය පරිදි නැටවිය හැකි ස්ථාවර රජයක් බිහි කිරීමය .
සරලව කිවහොත් ඉන්දියාව කිසි දිනක ලංකවේ දියුණුවට කැමති නැත , කලාපිය වශයෙන් ශ්‍රී ලංකාව දියුණු රටක් වීම ඉන්දියාවට සෑම අතින්ම අභියෝගයකි ,අනෙක් කාරණය නම් චීනයට හිත ඇති රජයක්, චීන වාරයක් , චීන නගරයක් ශ්‍රී ලංකාව තුල බිහිවීම ඉන්දියාවට සැබවින්ම අභියෝගයකි ??
බටහිර රටවලට ඇති අමාරුවද චීනය ප්‍රමුක කාරණයකි , පැහැදිලිවම දකුණු ආසියාවේ චීන හබ් එකක් නිර්මාණය වීම ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව ගතහොත් බටහිරට අභියෝගයකි .අනෙක් අතට මේ වන විට බටහිර රටවල් ඉන්දියාව සමග ඉතාමත්ම ලගින් කටයුතු කරන අතර ඉන්දියාව සැනසීමට ඕනෑම දෙයක් කිරීමට අද වන විට බටහිර පසුබට වන්නේ නැත , බටහිරට ඉන්දියාව හොද වෙළද පොළකි .මීට අමතරව බටහිර රටවල සිටින බොහෝ නායකයින් හට දෙමළ ඩයස් පෝරා ඩොලර් මිලියන ගණන් වියදම කර ඇති බැවින් , ශ්‍රී ලංකාව තුල LTTE හිතවාදී කණ්ඩායම් වලට අවශ්‍ය පසුබිම සෑදීම බටහිර රටවල් වල වත්මන් රජයන්ට සහ නායකයන් ට ඇගට ගුණය
මේ සියලුම දේ අතරේ ශ්‍රී ලංකාවේ සිටින සිංහල කොටි දේශපාලකයින් ට අවශ්‍ය වන්නේද 13වෙනි සංශෝදන ක්‍රියාත්මක කර ,ඉන්දියාවට සහ LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය වට පිටාව මව්බිම තුල සලසා දීමය ..
මෙවැනි පසුබිමක් තුල බලයට පත්වූ ජනපති සිරිසේන තම විධායක බලය භාවිතා කරමින් කරනු ලැබූ ක්‍රියාවලිය අද්‍යන කලවිට සිරිසේන පැහැදිලිවම ඉත්තාගේ භූමිකාව කරන බව පැහැදිලිය .
සිරිසේන බලයට පත්වූ වහාම තුනෙන් දෙකක බලයක් තිබු රජය පසකට දමා , පාර්ලිමේන්තුව තුල සුළුතරය නියෝජනය කරමින් සිටි විපක්ෂ නායක අගමැති කරන ලදී , පසුව එජාපය ප්‍රමුක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීපදෙනකු ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම .වර්ථමානයේද එජාපයට පාර්ලිමේන්තුව ඇති මන්ත්‍රී ගණන 49 කි එයින් 41 මේවන විට ඇමතිවරුන්ය. බහුතරය නියෝජනය කරමින් තුනෙන් දෙකක බලයක් සමග සිටි අගමැතිවරයා සිටියදී නව ජනපතිවරයා සුළුතරය නියෝජනය කල විපක්ෂ නායක අගමැති කල හේතුව මේ වන තෙක් පැහැදිලි නැත , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම විවස්ථාව අමු අමුවේම උල්ලංගනය කිරීමකි .
පසුව බහුතරයක් නියෝජනය කල සංධානයේ නිමල් සිරිපාල විපක්ෂ නායක බවට පත්කරන ලදී .
තම විධායක බලය ඒකාධිපති වරයෙකු ලෙස භාවිතා කරමින් , අගමැති , විපක්ෂ නායක සහ හමුදාපති පත් කිරීම කිරීම ඒකාධිපති පාලනයක් නොවේද ??
ඉන් අනතුරුව හදිසියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කැදවා නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනකු ඇමති මණ්ඩලයට පත් කිරීම සහ එය ජාතික ආණ්ඩුවක් ලෙස හැදින්වීම.එම පත් කිරීම ලබාදෙන තෙක් කිසිවෙකුට හෙලිනොකිරිමටද සිරිසේන වගබලා ගත්තේ කුමන හේතුවකටද ? ජාතික රජයකට යනවිට එසේ හොරෙන් ඇමතිවරුන් පත් කල යුතුද ?
ජාතික ආණ්ඩුවක් ගැන පාර්ලිමේන්තුව තුල කතා කලත් , පළාත් සභා , ප්‍රාදේශීය සභා ,නගර සභා ජාතික ආණ්ඩු සංකල්පය තුල නැත ,එසේනම් සිරිසේන මේ රවටන්නේ කාවද ??
ඉන් අනතුරුවත් පාර්ලිමේන්තුව තුල අගමැති සහ විපක්ෂ නායක යන අය විධායකයට අවශ්‍ය ආකාරයට භාවිතය ඒකාධිපති පාලනයක් නොවේද ????
විධායකය , ත්‍රිවිධ හමුදාව , පාර්ලිමේන්තුව ,විපක්ෂය එක පුද්ගලයෙකු විසින් හැසිරීම ඒකාධිපති පාලනයක් නොවේද
සත්‍ය නම් නොදැනුවත්වම ඉත්තා - ඒකාධිපතිවරයෙකු වී අවසානය , මෙය ඊයේ පෙරේදා ගෙන ආ 19වැනි සංශෝදනයෙන් නතර කල හැකිද ?
Courtesy - News of Colombo
http://www.newsofcolombo.com/news/politics/item/2598-2015-03-24-23-55-09