ඒ මගින් රවී කරුණානායක හැරී ජයවර්ධනගේ මෙල්ස්ටාකෝප් හී අමිත ගුණරත්නව සම්පත් බැංකුවට දැමීමට කෙරු උත්සාහය අසාර්ථක වුයේ ඊයේ සම්පත් බැංකුවේ කොටස් කරුවන් සම්පත් බැංකුවේ සභාපති ලෙස ධම්මික පෙරේරාවම පත්කීරිමෙනි. ශ්‍රී ලංකාවේ කැසිනෝ මෝගල්වරයා ලෙස හැඳින්වෙන ව්‍යාපාරික බිලියනපති ධම්මික පෙරේරා ඊයේ සම්පත් බැංකුවේ වාර්ෂික සාමාන්‍ය හමුවේ දී; රවී ගේ අසාර්ථක උත්සාහය ගැන සම්පත් බැංකුවේ කොටස් කරුවන්ට 'නොකියමින්' කියා ඇත්තේ 'මම අලින්වයි, කටුස්සන්වයි දෙවර්ගයම දන්නවා.' යනුවෙනි.
සම්පත් බැංකුව යනු එකල ලංකාවේ පළමු සිංහල මහා බැංකු අධිපති වූ එන්. යු. ජයවර්ධන හෙවත් මිලින්ද මොරගොඩ ගේ සීයා මහා බෞද්ධ බැංකුවක් ලෙස සිංහල බෞද්ධයන් වෙනුවෙන් පටන් ගත් බැංකුවකි.