May 26, 2015 (LBT) - මෑතකදී සිට අගමැතිතුමා ඇතුලු කීප දෙනෙක් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙි අධිපතිවරයා වශයෙන් මා කටයුතු කරද්දී සිදුකළා යැයි කියන වැරැදි සහ අක්‍රමිකතා ගැන චෝදනා සහ අවලාද එල්ල කරන බව පැහැදිළිය. එවැනි අභූත සහ පදනමි රහිත ප්‍රකාශන කිරීමට හේතුව, දැනට රටෙි පවතින විශාල ආන්දෝලානාත්මක සිද්ධියක් වන භාණ්ඩාගාර බැදුමිකර වංචාව සහ ඒ තුළින් රටට සහ ආර්ථිකයට සිදුවෙමින් පවතින අති දැවැන්ත හානිය වසන් කිරීම බවත් පැහැදිලිය.
ශ්‍රී ලංකාවෙි මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා සේවය කළ දින 3,100 පමණ කාලය තුළදී 2005 දී ඇමරිකානු ඩොලර් බිලියන 24 ක පමණවූ ශ්‍රී ලංකාවෙි දළ දේශීය නිශ්පාදිතය, 2014 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 75 පමණ දක්වා වැඩිවෙමින්, ශ්‍රී ලංකා ආර්ථිකය හුරු බුහුටි ආර්ථිකයක් බවට පත් කර ගන්නට මගේ දායකත්වය ලබා දීමට මට හැකි වූ බව නොරහසකි. තවද,ඒ කාලය තුළදී අප රටෙි සියලුම සාර්ව ආර්ථික සාධක සෑම අතකින්ම දියුණු වුනි. එහෙත්, මෙම දැවැන්ත විපර්යාසය සිදු වීම නිසා, විපක්ෂයේ සමහර දේශපාලන චරිත පසුබෑමට ලක් වුනි. එම නිසා, ඒ අය මා කෙරෙහි ඉතා ද්වෙිශයෙන් සහ පළිගැනීමෙි චෙිතනාවෙන් කටයුතු කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට දිගින් දිගටම කටයුතු කළ අතර වර්තමාන අධිපතිවරයාගේ ක්‍රියාදාමය පිළිබදවදැඩිි ප්‍රශ්න මතු වෙද්දී ඒවා වසන් කරගන්නට, මට එරෙහි ප්‍රහාර තව දුරටත් උත්සන්න කිරීමට කටයුතු කරන බවද පැහැදිළිය.
එවැනි එක් ප්‍රහාරයක් නමි, මෙි දිනවල මාධ්‍යට ප්‍රකාශ කරන ලද 2012, 2013,සහ 2014 යන වර්ෂ වලදී, ර්‍ණපෞද්ගලික භාණ්ඩාගාර බැදුමිකර වෙන්දේසි”ඔස්සේ, ම විසින් සභාපතිත්වය දරන ලද ටෙන්ඩර් කමිටු හරහා රුපියල් බිලියන2,700 (රුපියල් ටි්‍රලියන 2.7) පමණ මුදලක් වංචා කොට ඇතැයි යන පුදුමාකාර සහ අසත්‍ය චෝදනාවයි. එම චෝදනා මාලාවෙි තව දුරටත් පවසා ඇත්තේ,මෙවැනි නීති විරෝධී ගණුදෙණු කර ඇත්තේ පසුගිය රජයේ හෙංචයියන්ට ලාභ ලබා ගැනීමට තුඩුදෙන ලෙසටත්්, එම ගණුදෙණු අනුමත කර ඇත්තේ පුද්ගලිකවම ම විසින් බවත්ය. තවද, රජය විසින් 2012 සිට 2014 දක්වා නිකුත් කොට ඇති භාණ්ඩාගාර බිල්පත් සහ බැදුමිකර සියල්ලම, අධිපතිවරයාගේ පෞද්ගලික අභිමතය අනුව වෙන් කොට ඇතැයි කියාද සැක මතුකොට ඇත. එමෙන්ම, එම ණය නිකුතු සියල්ලම, රජයට සිදුවූ පාඩු හැටියට අර්ථකතනය කිරීමෙන් සාමාන්‍ය දැනුම සහ තර්ක ශ්‍රාස්ත්‍රයේ මූල ධර්ම සමිපූර්ණයෙන්ම උල්ලංගනය කරන, තවත් අභූත චෝදනාවක්ද එල්ල කොට ඇත. තවද, බැදුමිකර වෙන්දේසියකින් පසුව, ප්‍රාථමික ගණුදෙණුකරුවන්ට වෙන්දේසියෙන් නියම වූ බර තැබූ සාමාන්‍ය පොළී අනුපාත අගයකට සෘජු නිකුත් කිරීමි සිදු කිරීම, ඉතා වැරැදි සහගත සහ රහසිගත ක්‍රමවෙිදයක් ලෙසද පෙන්වා දෙන ලදී. එපමණක් නොව, එම නිකුත් කිරීමි මවිසින් පුද්ගලිකවම තෝරාගත් පිරිසකට මුදල් ලබා දුන්නා යැයි කියමින්ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දශක ගණනක්ම තිස්සේ අනුගමනය කරන ලද භාණ්ඩාගාර බැදුමිකර නිකුතුවෙි ක්‍රමවෙිදය, විකෘති කිරීමට උත්සාහයක්ද දරා ඇත. මෙම පිළිකුල් සහගත සහ ද්වෙිශ සහගත චෝදනා සියල්ලම මා අසත්‍ය සහ පදනම් රහිත ඒවා වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි.
මෙවැනි අසත්‍ය චෝදනා වලට පිළිතුරු නොදී සිටිමට මා මුලින්ම තීරණය කොට තිබූනද, 2015 පෙබරවාරි 27 වන දින නිකුත් කරන ලද අර්බුදයට ලක්වූ අවුරුදු30 භාණ්ඩාගාර බැදුමිකරය සමිබන්ධයෙන් කරුණු ක්‍රම ක්‍රමයෙන් එළිවෙද්දී,ඒවා වසන් කිරීම සදහා මට විරුද්ධව කරනු ලබන චෝදනා වල අභූත ස්භාවයද විකෘතිභාවයද, අසත්‍ය භාවයද උග්‍ර ලෙස වැඩි වෙමින් පවතින නිසා, මෙි වනවිට මාගෙන් පිළිතුරක් අත්‍යවශ්‍ය යැයි, මා හට හැගී ඇත. එහි ආරමිභයක් වශයෙන්2015 මාර්තු 17 වන දා, 2015 පෙබරවාරි 27 බැදුමිකරය පිළිබදව අගමැතිතුමා කළ ප්‍රකාශය මුලින්ම කෙටි විග්‍රහයකට භාජනය කිරීම සුදුසු යයි මා වීශ්වාස කරමි.
අගමැතිතුමාගේ එකී ප්‍රකාශනයේ, මහ බැංකුව විසින් නිකුත් කරන සෘජු නිකුත් කිරීමි, ර්‍ණපෞද්ගලික නිකුත් කිරීමි” වශයෙන් හදුන්වමින්, එය දූෂිත ක්‍රමවෙිදයක් යයි පෙන්වා දෙන්නට, එතුමා තැත් කොට ඇත. එමගින්, සැකයක් මතු කරන්නට එතුමා ක්‍රියාකොට ඇත. එහෙත්, දියුණු වී ඇති සහ දියුණු වෙමින් පවතින ආර්ථිකයන් රාශියක, භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වෙන්දේසි වලින් පසුව,එම වෙන්දේසි වලදී තීරණය වූ ර්‍ණසාමාන්‍ය බර තබන ලද පොළී අනුපාතය”අනුව, තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් සහ බැදුමිකර නිකුත් කිරීම සාමාන්‍යයෙන් සිදු කරන ක්‍රමවෙිදයක් බව මෙම ෙකෂ්ත්‍රයේ නියැලී සිටින අය හොදින් දන්නා කරුණකිි. එවැනි ක්‍රමවෙිදයක් දශක කීපයක් තිස්සේම, ශ්‍රී ලංකාවෙිද අනුගමනය කොට ඇත. එම ක්‍රමවෙිදය අනුගමනය කරමින්, භාණ්ඩාගාර බිල්පත් සහ බැදුමිකර නිකුත් කරමින්, රජයේ පොළී ගෙවීමි අවම කර ගන්නට මහ බැංකුවට අවුරුදු ගණනක්ම තිස්සේම හැකි වි තිඛෙි. රජයට එළෙස වාසි ලැඛෙන්නේ, මෙම සෘජු නිකුත් කිරීමි සැම විටම කරනු ලබන්නේ, වෙන්දේසියෙන් තීරණය වන ප්‍රාථමික වෙළදපොළේ සාමාන්‍ය බර තබන ලද අනුපාතය, සහ ද්විතීය වෙළදපොළේ පවතින අනුපාතය අතරින්, වඩාත් අඩු අගයට බැදුමිකර නිකුත් කරනු නිසාය. එමගින්, රජයට එම වාසිය අනිවාර්්‍යයෙන්ම ලැඛෙනු ඇත. තවද එම අනුපාතයන් දෙකම තීරණය වන්නේ, පාරදෘෂ්‍යභාවයකින් තීරණය වන,වෙළදපොළේ ක්‍රියාවලිය අනුව සහ සියල්ලන්ම දන්නා ක්‍රමවෙිදයක් ඔස්සේ නිසා,එය සෑම දෙනාම පිළිගන්නා ක්‍රමවෙිදයක් බවද කිව යුතුය. මෙම අත්‍යවශය සහ වැදගත්ම කරුණ, අගමැතිතුමා තම ප්‍රකාශනයේ සිතාමතා හෝ නොදැනුවත්ව නොකියා සිටියද, එය භාණ්ඩාගාර බිල්පත් සහ බැදුමිකර වෙළදපොළේ කටයුතු කරන අය හොදින් දන්නා කරුණකිි. ඒ නිසා, ඒ අය නොමග යන්නට කිසිදු අවකාශයක් නොමැත. තවද, එම ක්‍රියාවලිය කෙතරමි පාරදෘෂ්‍ය සහ සංවේදීද කිවහොත්, 2015 පෙබරවාරි 27 වන දා භාණ්ඩාගාර බැදුමිකරය අනිසි ලෙස නිකුත් කළ සැනින්, එහි තිබූ අර්බුදකාරී ස්භාවය, එසැනින්ම වෙළදපොළ අවබෝධ කරගත්හ. එසේ සිදුවන්නට හේතුවූයේ වෙළදපොලේ කටයුතු කරන සියල්ලෝම මෙි ක්‍රියාවලිය දෙස තියුණු සැලකිල්ලකිින් තමන්ගේ අවධානය යොමු කරමින් සිටින නිසාය. මෙි තත්ත්වය පිළිබදව, මෙි වන විට රජයේ සහ මහ බැංකුවෙි නව පාලන අධිකාරියට ඒත්තු වී ඇතැයි කියා දැන්වත් සිතිය හැකෟ එසේ නම්, සුලු පිරිසකට පමණක් වාසියක් ලබාදෙන, පාරදෘෂ්‍යභාවයකින් තොරව යමි කිසි ක්‍රමවෙිදයක් කිසි විටෙක හෝ මෙම ෙකෂ්ත්‍රයේ ක්‍රියාවට නැගුවහොත්, එය ඉතා ඉක්මනින් එළි වන ආකාරයට, මහ බැංකුවෙි මෙම බැදුමිකර නිකුත් කිරීමෙි පද්ධතිය සකස් කොට ඇති බව, මෙම අර්බුදයෙන් ඉගන ගත හැකි විශේෂ පාඩමක් බව නව පාලන අධිකාරියට දැන් වැටහෙනවා නොඅනුමානය.
අගමැතිතුමාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේදී, 2013 වර්ෂයේ එක් දිනකදී රුපියල් බිලියන 16 ක්
වටිනා වර්ෂ 05 ක කාලය සහිත බැඳුම්කර 10.9% වාර්ෂික පොළී අනුපාතයකට වෙන්දෙසි කිරීම
මඟින් නිකුත් කර ඇති බවත්, ඉන් පසුව එම බැඳුම්කර රුපියල් බිලියන 76 ක් ඉහළ පොළි
අනුපාතයක් වන 11.42% යටතේ පුද්ගලික අයෝජකයින්ට විකුණා ඇති බවත් සදහන් කොටඇත.
මෙහි සත්‍ය තත්ත්වය, මහ බැංකුව තම නිල නිවෙිදන වලින් දන්වා ඇති තොරතුරු අනුව, පහත
දැක්වේ.
(අ) අගමැතිතුමා සඳහන් කල පළමු බැඳුම්කරය 2013 ජනවාරි 10 වන දින නිකුත් කරන ලද වර්ෂ 05යි මාස 03 ක බැදුමිකරයක් වූ අතර, එය 10.9%වාර්ෂික පොළියක් යටතේ වෙන්දේසි ක්‍රමයට නිකුත් කරන ලදි. එම වෙන්දේසියේ ප්‍රතිඵල, මහ බැංකුව විසින් නිල නිවේදනයක් මඟින් 2013 ජනවාරි10 වන දිනම දැනුවත් කරන ලදී.
(ආ) ඉන් පසුව, 2013 මාර්තු 27 වන දින, වර්ෂ 05 යි මාස 03 ක වෙනත් බැඳුම්කරයක් වෙන්දේසි කරන ලදී. එහිදී 11.45% ක වාර්ෂික පොළි අනුපාතයකට නිකුත් කරන ලදී. මෙම වෙන්දේසිය පිළිබඳවද විස්තර මහ බැංකුව විසින් නිල නිවේදනයක් මඟින් 2013 මාර්තු 27 වන දිනම දැනුවත් කරන ලදී.
(ඇ) එම දෙවන වෙන්දේසියෙන් පසුව, 11.42% වාර්ෂික පොළිය යටතේ සෘජු නිකුත් කිරීම ඔස්සේ බැඳුම්කර ලබා දී ඇති අතර, එය වෙන්දේසියේදී තීරණය වූ පොළි අනුපාතය වු 11.45% ට වඩා අඩු අගයක් බව පැහැදිළිය.
එම නිසා, අගමැතිතුමාම ඉදිරිපත් කොට ඇති උදාහරණයෙන්ම ගම්‍ය වන්නේ,මහ බැංකුවේ මෙතෙක් පැවති ණය ලබා ගැනීමේ උපක්‍රමයන් යටතේ, රජයට ණය ලබා ගැනීම අවම පොළි අනුපාත මත රජයට අඩුම වියදමක් සිදු වන ලෙස කරනු ලද බවය. එහෙත්, අගමැතිතුමා දැන් යෝජනා කරන ක්‍රමය යටතේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙස, විශාල අමතර පොළී වියදමක් රජයට ඉදිරියේදී දැරීමට සිදු වනු නොඅනුමානය.
අප දැන් 2015 පෙබරවාරි 27 වන දින නිකුත් කරනලද වර්ෂ 30 බැඳුම්කරය සලකා බලමු.
එම නිකුතුවට අදාල කරුණු පහත දැක්වෙිි.
දිනය ප්‍රදානය කල ප්‍රමාණය රු.බිලියන පරිණත කාලය අවුරුදු වෙන්දේසියෙන් ලබා ගත් ප්‍රමාණය රු.බිලියන වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොළිය (%) වෙන්දේසියට පෙර සෘජු ආයෝජන සඳහා පැවති පොළිය (%)
27.02.15 1.0 30.0 10.058 11.73 8.85
අගමැතිතුමාගේ ප්‍රකාශයේ, අර්බුධයට තුඩුදුන් බැඳුම්කරයට අදාල සාමාන්‍ය පොළි අනුපාතය වූ 11.73% සමඟ, 2014 ජුනි මස නිකුත් කල වසර 30 ක බැඳුම්කරය නිකුත් කල අවස්ථාවෙිදී තීරණය වූ 11.75% පොළිය සන්සන්ධනය කොට ඇත. එහිදී, එතුමා උවමනාවෙන්ම වාගේ 2014 ජුනි මස සිට 2015පෙබරවාරි 27 වන දින දක්වා වෙළදපොලෙහි සිදු වූ විශාල පොළී අනුපාත අඩු වීම පිළිබදව කිසිදු කරුණක් හෙලි නොකරයි. තවද, එතුමා අර්බුධයට ලක් වූ බැඳුම්කරය නිකුත් කරන විට ලබා දුන් පොලී අනුපාතය, සන්සන්ධනය කරන්නේ ඒ සදහා ගත යුතු නිවැරැදි පොළි අනුපාතිකය වන 8.85%, සමග නොව, 2014 ජුනි මස තීරණය වූ අනුපාතය සමගයි. එසේ කරමින් මහ බැංකුව විසින් 2014 ජුනී මස සිට 2015 පෙබරවාරි 27 දක්වා කාලය තුළ ආයෝජකයින්ට සෘජු ආයෝජන පහසුකම් යටතේ භාණ්ඩාගාර බැඳුම්කරය නිකුත් කරන විට, එම කාලය තුළදී, බැඳුම්කර නිකුත් කිරීම මෙතෙක් රාජ්‍ය ණය දෙපාර්තමෙින්තුව අනුගමනය කළ ප්‍රතිපත්තියට අනුව, නොකඩවා අඩුවූ පොළි අනුපාතය පිළිබදව, එතුමා කිසිවක් නොකියයි. එතුමා එසේ නොකීවත්, 2015පෙබරවාරි 27 වන දින පැවති වෙන්දේසියට සතියකට පෙර, මහ බැංකුව විසින් සිදු කරන ලද සෘජු ආයෝජන පහසුකම් යටතේ, වර්ෂ 30 බැඳුම්කර ආයෝජකයින්ට ලබා දී ඇත්තේ 8.85% වැනි අඩු පොළි අනුපාතිකයක බව වාර්තා වලින් පෙනී යයි. එම නිසා, අගමැතිතුමාගේ ප්‍රකාශය මඟින්, රජයට 2015පෙබරවාරි 27 බැදුමිකරය හරහා සිදු වූ සත්‍ය පාඩුව හිතාමතාම සැඟවීමට උත්සාහයක් ගෙන ඇති ස්භාවයක් පෙනෙන අතර, එය 2.98% ක අති දැවැන්ත අමතර පොළි වියදමක් වශයෙන් පෙන්වා දිය හැක. එමඟින් රජයට වැඩිපුර ගෙවීමට සිදුවන පොළි වියදම රුපියල් බිලියන වලින් ගණනය කිරීමට සිදුවන අති විශාල අගයක් බව දැන් පැහැදිළිය.
අගමැතිතුමාගේ ප්‍රකාශයෙහි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට ඉහතදී වෙන්දේසි වලට ඉදිරිපත් කළ බිල්පත් සහ බැදුමිකර වටිනාකමට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් සමහර වෙන්දේසි වලදී ලබාගෙන ඇති බව ද කියා ඇත. විශේෂයෙන්ම, 2014පෙබරවාරි 14 දින, රුපියල් බිලියන 1 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කොට, රුපියල් බිලියන 11 ක් වෙන්දේසියේදී ලබාගත් බව එතුමා පවසා ඇත. එසේම, 2014 නොවැම්බර් 14 වන දින භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 2 ක් වෙන්දේසියට ඉදිරිපත් කොට, රුපියල් බිලියන 13.5 ක් වෙන්දේසියෙන් ලබා ගත් බවද එතුමා පවසා ඇත. මෙම සිදුවීම පැහැදිළි කිරීම සඳහා එම නිකුතු වල වැඩි විස්තර සැළකිය යුතු වනු ඇත.
දිනය පරිණත කාලය ප්‍රදානය කළ ප්‍රමාණය
(රු.බිලියන) වෙන්දේසියෙන් ලබා ගත් ප්‍රමාණය
(රු.බිලියන) පෙර වෙන්දේසියේදී තීරණය වූ පොළිය (%) අදාල වෙන්දේසියේදී තීරණය වූ පොළිය (%)
13.02.14 දින 182 1.0 11.067 7.00 6.92
14.11.14 දින 182 2.0 13.513 5.84 5.84
ඉහත වගුවෙි දක්වා ඇති ආකාරයට, ප්‍රදානය කළ ප්‍රමාණයට වඩා ඉහත කී වෙන්දේසි වලදී ලබා ගත් බව නිවැරැදිය.
to be continued
http://lbt.lk/index.php?option=com_content&view=article&id=9162:2015-05-26-12-32-17&catid=54:business&Itemid=76
Last edited by StockGuru on Tue May 26, 2015 11:59 pm; edited 3 times in total