මාධ්‍ය ආයතනයක් මිලදීගත් East West Properties Plc සමාගම විසින් ගොඩ නගමින් තිබෙන සන්නිවේදන කුළුණු අනිකුත් ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා වලට කුලී පදනම මත ලබාදීමට සූදානම් වේ.
මෙම සමාගම විසින් ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ජාලයක් පවත්වාගෙන යාමට බලපත්‍ර හිමි පීපල්ස් මීඩියා නෙට්වර්ක්ස් සමාගමේ පාලනය නතුකර ගෙන තිබේ.
මේ අනුව, මෙම සමාගම සන්නිවේදන කුළුණු හා සන්නිවේදන පහසුකම් හුන්නස්ගිරිය, නයාබැද්ද හා කරගහතැන්න යන ස්ථානවල ගොඩනගමින් සිටී.
සමාගමේ කළමනාකාර අධ්යක්ෂ විජිත විජේසූරිය සිය වාර්ෂික වාර්තාවෙන් කොටස් කරුවන්ට මේ බව දැනුම් දී තිබෙන්නේ මෙසේයි.
“මෙම කුළුණු පොදුවේ භාවිතා කිරීමට අනිකුත් ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා වලටත් විදුලි සංදේශ සමාගම් වලටත් ලබාදෙනවා.“
East West සමාගමේ ප්‍රධානී නහීල් විජේසූරිය මහතා ඉතිහාසයේ සිටම මෙරට මාධ්‍යට සම්බන්ධ වී සිටි අතර ඔහු ETV රූපවාහිනී නාලිකාව ආරම්භ කළේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1713161443