වසර 10කට වැඩි කාලයක් සේවක අර්ථ සාධක අරමුදල සමග සිටින ලක්ෂ තුනකට නොඅඩු ශේෂයක් පවතින පුද්ගලයින්ට එම මුදල් ලබාගත හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
නිවාස ඉදිකිරීම් කටයුතු සහ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා එම මුදල් ලබාදීමට ප්‍රතිපාදන සලසා දී තිබේ.
හෙට උදෑසන 10යේ සිට අදාළ මුදල් ලබාදීමේ ඉල්ලුම් පත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා සඳහන් කළේය.
මීට පෙර සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ලබාගැනීමට හැකියාව පැවතියේ වයස අවුරුදු 55 සම්පූර්ණ වු පුද්ගලයින්ට හා විවාහක කාන්තාවන්ට පමණි.
Courtesy - http://sinhala.adaderana.lk/news.php?nid=51589