Created on Tuesday, 30 June 2015 09:11: Category: ව්‍යාපාරික
මහබැංකුව විසින් ඊයේ (29) නිකුත් කළ 2015 ජුනි - මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව මෙතෙක් පවත්වාගෙන ආ පොළී අනුපාත වෙනස් නොකොට පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 06% ක්
ලෙස හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 07.5% ක් ලෙස ඉදිරියටද නොවෙනස්ව පවතී. 06% ක් ලෙස පවතින නිත්‍ය සංචිත අනුපාතය ද ඒ අයුරින්ම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
මහබැංකුව නිකුත් කර ඇති වාර්තාවට අනුව 2015 වසරේ පළමු කාර්තුව තුළ මෙරට ආර්ථිකය සියයට 6.4 ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර ඒ සඳහා ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනම සිය දායකත්වය දක්වා තිබේ. සේවා අංශය සියයට 7.5 කින් වර්ධනය වී ඇති අතර කර්මාන්ත අංශයෙහි වර්ධනය සියයට 6.5 කි. කෘෂිකාර්මික අංශයද මේ වනවිට යථා තත්වයට පත්වෙමින් තිබෙන බව මහබැංකුව පවසයි.
I hope this factor also will lead to positive uptrend