දින ඉහල යන උද්දමණය
සහ කොටස් වෙළදපලේ ආයෝජනය
40% වඩා උද්දමණ්ය එක්ක බැන්කු වලින් 30% වාර්ෂික පොළියක් දුන්නත් ..
ආයෝජනයට -කොටස් සහ දේපල බැන්කු වලට වඩා සාරතක කියා බොහෝ දෙනා කියන්නේ ඇයි ?
හිතන්න
අද තියන උද්දමණ්ය එක්ක අපි 100000 බැන්කුවේ දාල අපිට 30% පොලියට අපිට වසරකට පස්සේ 130000 ලැබෙනවා
නමුත් 45%-50% උද්දමණය එක්ක ඔබට අද බැන්කුවේ සල්ලි 100000 දාදිදී ඔබ 100000 ගත්තු දෙයක් වසරකට පසු ගන්න ය්ද්දි අපිට 140000 ගෙවන්න වෙන්න තියන ඉඩ කඩ වැඩී
එතකොට අපිට බැන්කුවේ අධික පොලියට දාල තිබුනු සල්ලි වල වටිනාකම එන්නෙත් 130000 වගේ ඒ කියන්නේ 45% 50% උද්දමණ්ය එක්ක ඒ බඩුව වසරකට පස්සෙ බැන්කුවේ පොලිය එක්කම වුනත් ගන්න අතින් ගානකුත් ගෙවන්න වෙනවා
ඉඩ කඩම් අපි අද අරන් දැම්මොත් එහි නම් වටිනාකම් වැඩි වෙනවා උද්දමණ්ය එක්ක ම වුනත් -ඒකත් නරකම ආයෝජනයක් නෙවෙයී
ඒත් තාක්ෂණිකව වටිනා කාර්යක්ෂම පරිපාලණ සහිත දිගින් දිගටම ලාභ පෙන්වන වගේම ලාභාන්ශ කොටස් හිමියන්ට ගෙවන සමාගම් තෝරා බේරා ගෙන ඒ කොටස් මේ කාලේ විශේශයෙන්ම ඉතා ඉහල ම ගිය මිල ගණන් වලින් 40% 50% පහල වැටිලා තියන මේ කාලේ අඩුවටම ගත්තාම ..
ඒ වගේම ඩොලර් එක රොකට් එකෙන් යන මේ කාලේ ඩොලර් වලින් අදායම් උපයන සමාගම් වල කොටස් මේ ඉතා පහලට වැටිලා තියන කාලේ ටික ටික අරන් දාල ආයෝජන ලෙස අරන් තිබ්බාම - එහි වටිනාකම් වැඩි වෙනවා උ්දමණය වැඩි වෙද්දී වුනත්
මම හිතන්නේ නයිජීරියාව සිම්බබ්වේ ආර්ජෙන්ටිනා ලෙබනන් වගේ රට වල ආර්තික ප්රශ්න නිසා කඩා වැටෙද්දී කොටස් වෙළදපලවල් ඉහල යනවා ඇත්තේ මේ කාරණා නිසා
සල්ලි තියන ආයෝජකයන් බැණ්කු වලත් සල්ලි නොදා කොටස් වලට ආයෝජනය කරන නිසා වෙන්න ඕනා
සමහරවිට සදුදා සිට කලබල කාරයන් කොටස් වික්කත් සල්ලි තියන ආයොජනයට අතිරික්ත මුදල් තියන අය ඩොලර් වලින් ආදායම් උපයන සහ ශක්තිමත් කොටස් ලාභාන්ශ ගෙවන දේශපාලන සම්බන්ධකම් අඩු අයට අයිති සමාගම් කොටස් වල ආයෝජනයට පෙලබෙන්න තියන ඉඩ කඩ වැඩි ...
හැබයි ලාබ සහ ආදායම් ලබා ගන්න එක රැයකින් නම් බැරි වෙයි සමහර ඉස්සර දවස් වල කොටස් වෙළදපලේ වුනා වගේ
ඒත් මොලේ කල්පනා කරල ආයෝජනය කරන්න කොටස් ඉතා අඩුවට ගන්න අවස්තාවන් පැමිණ අති බවක් හැගෙනවා ..මොකද කාලකන්නෛ දේශපලුවෝ පිස්සු නැටුවට පෞද්ගලික අන්ශයේ සමාගම් ශක්තිමත් ව ඉදිරීයට යන්න පුලුවන්
අපේ තෙරීම ඉතා වැදගත් ..